ඔත්තු බැලීමක් ගැන ස්නෝඩන්ගෙන් තව ත් හෙළිදරව්වක්

ඔත්තු බැලීමක් ගැන ස්නෝඩන්ගෙන් තව ත් හෙළිදරව්වක්

ඔත්තු බැලීමක් ගැන ස්නෝඩන්ගෙන් තව ත් හෙළිදරව්වක්

කර්තෘ Staff writer

19 Nov, 2013 | 5:31 pm

ඔස්ට්‍රේලියානු බලධාරීන් තම රටට එරෙහි ව ඔත්තු බැලීම දෙරටේ සමගියට දැඩි හානියක් බව ඉන්දුනීසියානු ජනාධිපති සුසිලෝ බැන් බැන්ග් යුධයානේ පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ අමෙරිකානු බුද්ධි අංශ සාමාජිකයෙකු වූ එඩ්වඩ් ස්නෝඩන් විසින් බ්‍රිතාන්‍ය පුවත්පතකට සිදු කරන ලද ප්‍රකාශයක් සැලකිල්ලට ගනිමිනි.
කෙසේ වෙතත් මෙවැනි ප්‍රකාශවලට කිසිඳු වටිනාකමක් හෝ පදනමක් නොමැති බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබර්ට් පවසයි.
එමෙන් ම ටෝනි ඇබර්ට් වැඩි දුරට ත් සඳහන් කරන්නේ ඉන්දුනීසියාව තම රටෙහි ළඟ ම හිතවතකු වන බැවින් එය පළුදු කර ගැනීමට උත්සාහ නොගන්නා බව ය.
කෙසේ වෙතත් අමෙරිකාවේ සහ ඔස්ට්‍රේලියාවේ රහස් ඔත්තු බැලීම හේතුවෙන් මේ වන විට ත්  ‍දෙරටේ හොඳ හිත පළඳු වී ඇති බව ඉන්දුනීසියානු ජනාධිපතිවරයා මාධ්‍යන්ට පවසා තිබේ.