ඉතාලියට කුණාටුවකින් බලපෑම්: 9 දෙනෙක් මරුට (ඡායාරූප)

ඉතාලියට කුණාටුවකින් බලපෑම්: 9 දෙනෙක් මරුට (ඡායාරූප)

ඉතාලියට කුණාටුවකින් බලපෑම්: 9 දෙනෙක් මරුට (ඡායාරූප)

කර්තෘ Staff writer

19 Nov, 2013 | 9:05 am

ඉතාලියට බලපෑ කුණාටුවකින් පුද්ගලයින් 9 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් පිරිසක් අතුරුදන්ව තිබේ.
ඒජන්සි වාර්තා සඳහන් කරන්නේ, මේ වන විට ඉතාලියට පතිත වන අධික වැසි හේතුවෙන් ඉතාලියේ සාඩිනියා නගරය සම්පුරණයෙන් ම ජලයෙන් යට වී ඇති බව ය.
මේ අතර, ඔල්බියා නගරයට ද කුණාටුවේ බලපෑම් එල්ල වී ඇතැයි ඉතාලි කාලගුණ බලධාරීහු පවසති.
කුණාටුවෙන් නිවාස අහිමි වූ පුද්ගලයින් සිය ගණනක් තාවකාලික වාසස්ථාන වෙත යොමු කර ඇති අතර කුණාටුවෙන් රථ වාහන විශාල සංඛ්‍යාවක් ද විනාශ වී තිබේ.