රාජ්‍ය සේවකයින්ට රු.10,000ක වැටුප් වැඩිවීමක් අවශ්‍යයි (වීඩියෝ)

රාජ්‍ය සේවකයින්ට රු.10,000ක වැටුප් වැඩිවීමක් අවශ්‍යයි (වීඩියෝ)

රාජ්‍ය සේවකයින්ට රු.10,000ක වැටුප් වැඩිවීමක් අවශ්‍යයි (වීඩියෝ)

කර්තෘ Staff writer

18 Nov, 2013 | 7:02 pm


ජනතාව මුහණ දී සිටින ජීවන වියදම් ප්‍රශ්නය සඳහා මෙවර අයවැයේදී ප්‍රමුඛ අවධානයක් යොමු විය යුතු බව වෘත්තිය සංගම් මෙන් ම රජයේ අමාත්‍යවරු ද පෙන්වා දෙති.
අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ජා දෙකකදී මේ බව අවධාරණය කෙරිණ.
මෙවර අයවැය සඳහා තමන් ඉදිරිපත් කළ යෝජනා පිළිබඳව පැහැදිලි කිරීමට වෘත්තිය සමිති සම්භන්ධීකරණ මධ්‍යස්ථානය අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ජාවක් කැඳවා තිබිණ.
මේ අතර සමාජවාදී ජනතා පෙරමුණද අද ප්‍රවෘත්ති සාකච්ජාවක් පවත්වමින් තම අයවැය යෝජනා පිළිබඳව පැහැදිලි කළේ ය.
මෙරට ආර්ථීකයේ 60% ක් පමණ වන අවිධිමත් අංශයේ සේවා නියුත්තව ඇති පිරිස පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බව අමාත්‍ය ඩීව්. ගුණසේකර මහතා ප්‍රකාශ කළේ ය.