නවසීලන්ත තරගාවලිය, 20යි 20 ලෝක කුසලානයට හොඳ පෙරහුරුවක්

නවසීලන්ත තරගාවලිය, 20යි 20 ලෝක කුසලානයට හොඳ පෙරහුරුවක්

නවසීලන්ත තරගාවලිය, 20යි 20 ලෝක කුසලානයට හොඳ පෙරහුරුවක්

කර්තෘ Staff writer

18 Nov, 2013 | 9:30 pm

ලබන වසරේ බංගලාදේශයේ පැවැත්වෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන  ක්‍රිකට්  තරගාවලියට පෙර පුහුණුවක් ලෙස  නවසීලන්තයට එරෙහි ව පැවැත්වෙන තරගාවලිය යොදා ගන්නා බව ශ්‍රී ලංකා පන්දුවාර 20යි 20 කණ්ඩායමේ නායක දිනේශ් චන්දිමාල් පවසයි.
       
ලබන වසරේ බංග්ලාදේශයේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේදී පළමු කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම මාර්තු 24 වන දා පළමු තරගයට මුහුණ දීමට නියමිතයි.
ශ්‍රී ලංකාව 20යි 20 ලෝක ශ්‍රේණිගත කිරීම්හි රැඳී සිටින්නේ පළමු වැනි ස්ථානයේ ය.
එම ස්ථානය තව දුරට ත් රැක ගැනීමට නම් හෙට ආරම්භ වන නවසීලන්තයට එරෙහි තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක් තරගයක් හෝ ජය ගත යුතු වේ.