පස්වැනි වරට ත් බෝල්ට් සම්මානයෙන් පිදුම් ලබයි

පස්වැනි වරට ත් බෝල්ට් සම්මානයෙන් පිදුම් ලබයි

පස්වැනි වරට ත් බෝල්ට් සම්මානයෙන් පිදුම් ලබයි

කර්තෘ Staff writer

17 Nov, 2013 | 8:10 pm

ඔලිම්පික් කෙටි දුර ධාවන ශූර ජැමෙයිකාවේ උසේන් බෝල්ට් අඛණ්ඩව  පස්වැනි වරට ත් වසරේ දක්ෂතම මලල ක්‍රීඩකයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබී ය.
ජැමෙයිකාවේම කෙටි දුර ධාවන ශූරිය වන ශෙලි ඈන් ෆ්‍රේසර් ප්‍රයිස් වසරේ විශිෂ්ටතම මලල ක්‍රීඩිකාව ලෙස පිදුම් ලැබුවා ය.
    
2013 වසරේ දක්ෂතා දැක් වූ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට අන්තර් ජාතික මලල ක්‍රීඩා සංගමය සංවිධාන කළ සම්මාන උළෙල ඊයේ මොනාකෝහි දී පැවැත් විය.
    
මෙවර ත් ලොව දක්ෂතම මලල ක්‍රීඩකයා ලෙස සම්මාන දිනූ 27 හැවිරිදි ජැමෙයිකාවේ උසෙයින් බෝල්ට් ප්‍රකාශ කළේ, 2017 වසර දක්වා තරග සඳහා සහභාගීවීමට බලාපොරොත්තුවන බව ය.
ලොව මලල දක්ෂත ම ක්‍රීඩිකාව සම්මානය දිනූ 26 හැවිරිදි ජැමෙයිකා ක්‍රීඩිකා ශෙලී ඈන් ෆ්‍රේසර් ප්‍රයිස් මීටර 100 ඉසව්වේ ලෝක සහ ඔලිම්පික් ශූරිය ද වන්නී ය.