ඩිල්ෂාන් අනාගත සැලසුම් ගැන කතා කරයි (වීඩියෝ)

ඩිල්ෂාන් අනාගත සැලසුම් ගැන කතා කරයි (වීඩියෝ)

ඩිල්ෂාන් අනාගත සැලසුම් ගැන කතා කරයි (වීඩියෝ)

කර්තෘ Staff writer

17 Nov, 2013 | 2:09 pm


නවසීලන්තයට එරෙහිව ලබන අඟහරුවාදා ආරම්භවීමට නියමිත තරග දෙකකින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට විශ්වාසයෙන් මුහුණදීම තම අරමුණ බව  ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි.
ඔහු මේ බව පැවසුවේ දෙරට අතර පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
නවසීලන්තයට එරෙහිව දඹුල්ල ක්‍රීඩාංගණයේදී ඊයේ  පැවති ‍තුන්වැනි හා අවසන් තරගය ඩක්වත් හා ලුවිස් න්‍යායට අනුව ලකුණු 36කින් ශ්‍රී ලංකා ජය ගත්තේය.
ඒ අනුව කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජය ගැනීම නිසා තරගාවලිය ජය පැරදුමෙන් තොරව අවසන් විය.
තරගාවලියේ ශ්‍රී ලංකාව පරාජය වූ දෙවැනි තරගයේදී  දග පන්දුයවනන්ගේ අසාර්ථක පන්දු යැවීම මෙන්ම නවක ක්‍රීඩකයන් අසාර්ථක වීම සම්බන්ධයෙන් නායක ඇන්ජලෝ මැතිව්ස් තරගයෙන් පසුව අදහස් දැක්විය.(වීඩියෝව බලන්න)