නවසීලන්ත බලාපොරොත්තු සුන් කළ සිංහයින් තුන්වන තරගය ජය ගනී

නවසීලන්ත බලාපොරොත්තු සුන් කළ සිංහයින් තුන්වන තරගය ජය ගනී

නවසීලන්ත බලාපොරොත්තු සුන් කළ සිංහයින් තුන්වන තරගය ජය ගනී

කර්තෘ Staff writer

16 Nov, 2013 | 7:44 pm

නවසීලන්තය සමඟ අද පැවති තුන්වන සහ අවසන් එක්දින තරගයෙන් ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකාවට ලකුණු 36ක ජයක් හිමිවිය.
ඒ අනුව තරග 3කින් සමන්විත තරගාවලිය, තරග 1ට 1ක් ලෙස ජය පැරදුමෙන් තොරව අවසන් විය.
පළමු තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර දෙවන තරගයේ ජය නවසීලන්තයට හිමිවිය.
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි පැවති තරගයේ කාසිය වාසිය දිනූ නවසීලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළේය.
වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගය පන්දුවාර 33කට සීමා විය.
ඒ අනුව ශ්‍රී ලංකාව කඩුලු 8කට ලකුණු 211ක් ලබා ගත්තේය.
මහේල ජයවර්ධන ලකුණු 46කට දැවී ගිය අතර ටී.එම්.ඩිල්ෂාන් ලකුණු 53කට දැවී ගියේය.
තරගයට යළිත් වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ජයග්‍රාහණය සඳහා නවසීලන්තයට පන්දුවාර 25කදී ලකුණු 163ක ඉලක්කයක් හිමිවිය.
නමුත් ඔවුන්ට කඩුලු 6ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 126ක් පමණි.
රංගන හේරත් ලකුණු 25කට කඩුලු 3ක් දවා ගත්තේය.