ඉන්දීය සුපිරි පිතිකරු ටෙස්ට් පිටියෙන් සමු ගනී (වීඩියෝ)

ඉන්දීය සුපිරි පිතිකරු ටෙස්ට් පිටියෙන් සමු ගනී (වීඩියෝ)

ඉන්දීය සුපිරි පිතිකරු ටෙස්ට් පිටියෙන් සමු ගනී (වීඩියෝ)

කර්තෘ Staff writer

16 Nov, 2013 | 1:04 pm


ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් අද ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගත්තේ ය.
ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග මුම්බායිහි වෙන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 126කින් සත්කාරක ඉන්දීය කණ්ඩායම ජය ගැනීම ත් සමග යි.
1989 වසරේදී පකිස්ථානයට එරෙහිව ටෙස්ට් වරම් දිනූ සචින් තෙන්ඩුල්කාර් ටෙස්ට් හා එක්දින ජාත්‍යන්තර තරග බිමේ වාර්තා රැසක් පිහිටුවූ ක්‍රීඩකයෙකි.
ඉහළ ම ලකුණු ලාභී ‍ටෙස්ට් පිතිකරු, වැඩි ම ටෙස්ට් ශතක හා අර්ධ ශතක සංඛ්‍යාවක් රැස් කළ පිතිකරු වැඩි ම ජාත්‍යන්තර ශතක සංඛ්‍යාවක් රැස් කළ පිතිකරු වැනි වාර්තා රැසක් ඊට ඇතුළත් වේ.
කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති මෙම අවසන් තරගයේදී ඉන්දීය ඉනිම වෙනුවෙන් තෙන්ඩුල්කාර් ලකුණු 74ක් රැස් කළේ සිය 68 වැනි ටෙස්ට් අර්ධ ශතකයද වාර්තා කරමිනි.
ටෙස්ට් තරග 200කට සහභාගී වූ තෙන්ඩුල්කාර්, සිය උපන් ගමේදී ටෙස්ට් පිටියයෙන් සමු ගත්තේ ක්‍රීඩා ලෝලීන්ගේ හරසර මධ්‍යයේ ය.
මුම්බායි ක්‍රීඩාංගණය ක්‍රීඩා ‍ලෝලීන්ගෙන් අතුරු සිදුරු නොමැතිව පිරී ගියේ අද ටෙස්ට් පිටියෙන් සමු ගන්නා මෙම අසහාය ක්‍රීඩකයාට සිය උපහාරය පුද කිරීමටයි.