දමන ප්‍රා. සභා උප සභාපති අත්අඩංගුවට

දමන ප්‍රා. සභා උප සභාපති අත්අඩංගුවට

දමන ප්‍රා. සභා උප සභාපති අත්අඩංගුවට

කර්තෘ Staff writer

15 Nov, 2013 | 3:06 pm

අම්පාර, දමන ප්‍රාදේශීය සභා උප සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය කාර්යාලය පැවසුවේ, බලපත්‍ර නොමැති ව දැව තොගයක් තබා ගැනීම සම්බන්ධයෙන් දමන ප්‍රාදේශීය සභා උප සභාපතිවරයා සහ තව ත් අයෙකු අද උදෑසන පොලීසියට පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව ය.
119 දුරකථන අංකයට ලද තෙරතුරක් අනුව ඊයේ පස්වරුවේ කළ වැටලීමකදී එක් අයෙකු අත්අඩංගුවට ගැනුණු අතර තව ත් අයෙකු පලා ගිය බව පොලිසිය පැවසී ය.
දමන, මහානාගපුර නිවසක අදාළ දැව තොගය තිබී ඇති අතර ඒවා පොලිසිය භාරයට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගෙන සිටින දමන ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු පුද්ගලයින් තිදෙනා අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]