ජීවන වියදම් ගැටලුවට සහනක් දෙන්නැයි, වෘත්තිය සමිති රජයෙන් ඉල්ලයි

ජීවන වියදම් ගැටලුවට සහනක් දෙන්නැයි, වෘත්තිය සමිති රජයෙන් ඉල්ලයි

ජීවන වියදම් ගැටලුවට සහනක් දෙන්නැයි, වෘත්තිය සමිති රජයෙන් ඉල්ලයි

කර්තෘ Staff writer

15 Nov, 2013 | 9:02 pm


මෙවර අයවැයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මත බදු පැනවීමෙන් වැළකී තමන් මුහණදී සිටින ජීවන වියදම් ගැටලුවට සහනක් ලබාදෙන්නැයි, පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති රජයෙන් ඉල්ලා සිටී.
ඔවුන් පෙන්වා දෙන්නේ තමන් ලබන වැටුපට සාපේක්ෂව ජීවන වියදම ශීඝ්‍රයෙන් ඉහළ ‍‍‍ගොස් ඇති බව ය.
මෙරට විධිමත් ‍පෞද්ගලික අංශයේ රැකියාවල නියුතු පිරිස හැටපන් ලක්ෂයක් පමණ වේ.
රාජ්‍ය සේවකයන්ට මෙන් අයවැයක් තුළින් ඔවුන්ගේ වැටුප් වැඩි වීමක් සිදු නොවුණ ද  රජය විසින් පනවනු ලබන සියලු බදු හා ගාස්තු ගෙවිය යුතු ය.
එමගින් ඉහළ යන ජීවන වියදමට මෙවර අයවැයෙන් සහනයක් ලබාදෙන්නැයි,  පෞද්ගලික අංශයේ සේවක වෘත්තිය සමිති ඉල්ලා සිටී.
රාජ්‍ය සේවකයන් මෙන් විශ්‍රාම වැටුපකට හිමිකම් නොකියන පෞද්ගලික අංශයේ සේවකයින් දිගු කාලයක සිට කරන ඉල්ලීමක් වන්නේ තමන්ට ද සමාජ ආරක්ෂණ ක්‍රමයක් රජය ඇති කරන ලෙස ය.