කැනඩාවේ සිට මෙහෙය වූ ළමා අපහරණ ජාලය වටලයි

කැනඩාවේ සිට මෙහෙය වූ ළමා අපහරණ ජාලය වටලයි

කැනඩාවේ සිට මෙහෙය වූ ළමා අපහරණ ජාලය වටලයි

කර්තෘ Staff writer

15 Nov, 2013 | 2:34 pm

කැනඩාවේ සිට ක්‍රියාත්මක ළමා අපහරණ ජාලයක් වැටලූ පොලීසිය සැකකරුවන් 348 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන් 108 දෙනෙකු කැනඩාවේදී අත්අඩංගුවට ගෙන ඇති අතර 72දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ අමෙරිකාවේදී ය.
ඉතිරි පිරිස වෙනත් රටවල් කිහිපයකදී අත්අඩංගුවට පත් ව තිබේ.
සැකකරුවන් අතරට වෛද්‍යවරුන් සහ ගුරුවරුන් වැනි පිළිගත් වෘත්තීන්හි නිරතවූවෝ ද ඇතුළත් වෙති.
විදෙස් වාර්තා පවසන්නේ මෙහිදී දරුවන් 400 දෙනෙකු පමණ එම කාම අපරාධකරුවන්ගෙන් බේරා ගැනීමට හැකි වූ බව ය.
ළමුන් යොදා ගනිමින් නිෂ්පාදනය කරන ලද අසැබි වීඩියෝ පට සම්බන්ධයෙන් වසර 3ක් තිස්සේ ක්‍රියාත්මක කරන ලද මෙහෙයුමක ප්‍රතිපලයක් ලෙස මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන්නේ අදාළ වීඩියෝ පට ලොව පුරා රටවල් 94 කදී බෙදා හැර ඇති බව ය.