එජාපයේ වගකීම චැනල් ෆෝ මාධ්‍යවේදීන්ට මල් මාලා දැමීම ද?(වීඩියෝ)

එජාපයේ වගකීම චැනල් ෆෝ මාධ්‍යවේදීන්ට මල් මාලා දැමීම ද?(වීඩියෝ)

එජාපයේ වගකීම චැනල් ෆෝ මාධ්‍යවේදීන්ට මල් මාලා දැමීම ද?(වීඩියෝ)

කර්තෘ Staff writer

15 Nov, 2013 | 6:37 pm


ඊයේ සිරිකොත පක්ෂ මූලස්ථානය අසලදී  සිදු වූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අදහස් පළ කළ හ.
විපක්ෂයේ වගකිම රට විනාශ කිරීමට පැමිණෙන චැනල් ෆෝ මාධ්‍යවේදීන්ට මල් මාලා දමා පිළිගැනීම එජාපයේ වගකීම දැයි, අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රශ්න කර සිටී.
”එක්සත් ජාතික පක්ෂය මහා සංඝරත්නය සලකන විදිහෙන්. මේ ආණ්ඩුවක් ලබාගන්නෙ ත් නැති ව අද තමන්ගේ පක්ෂය කෑලි කෑලිවලට කැඩිලා. ඒකේ අතුළේ මහා මතවාද හැදිලා තියෙන පක්ෂයක් හැටියට අද මේ රටේ මහා  සංඝරත්නය තමන්ගේ පක්ෂ කාර්යාලයට එනකොට යම් ප්‍රශ්නයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න මොනවද කරන්නේ ? මේක ද? එක්සත් ජාතික පක්ෂයේ මතය? මේකේ ඉන්න කරූ ජයසූරිය මහත්තයා‍ලගෙන් අපි අහනවා ලැජ්ජානැද්ද කියලා ‍මේ පක්ෂයේ ඉන්න. මහාලොකු බෞද්ධයෝ විදියට හැසිරෙන අයට ලැජ්ජා නැද්ද මේ මෙවැනි පක්ෂයක් තුළ ඉන්න. ඔක්කොම සිරිකොත ඇතුළේ ඉඳන් බලන් හිටියා සංඝරත්නයට මෙවැනි අපහාස කරන කොට. රටට කොඩිවිනයක් හා සමාන රට විනාශ කරන්න පැමිණෙන එවැනි චැනල් ෆෝ මාධ්‍යවේදීන්ව අරන් ගිහිල්ලා යූ.ඇන්.පී. එක මල් මාලා දාලා පිළිඅරගන්නවා. මේකද.. මේකද පක්ෂයක වගකීම? මේක මේ රටේ පොදු විපක්ෂයේ වගකිම කියලා අපි අහනවා”
 චැනල් ෆෝ මාෆියාකාරයින් එක්සත් ජාතික පක්ෂය ගුබ්බෑයමක් බවට පත්කිරීමට සූදානම් වන්නේ නම් කොන්දේසි විරහිතව ඊට එරෙහි ව නැගී සිටින බව ය.
”මිනිමරු වේලුපිල්ලේ ප්‍රභාකරන් වැඩි ම හානියක් කරේ එක්සත් ජාතික පක්ෂයට.එහෙම නම් මිනීමරු කොටි ත්‍රස්තවාදයට එරෙහිව එක්සත් ජාතික පක්ෂේ අපි දිවි හිමියෙන් පෙනී සිටින්නට අවශ්‍යයි. ජාත්‍යන්තරය තුළ  අපිව හෑල්ලුවට ලක්කරන ඔය චැනල් 4 මාෆියාවට ලංකාවට එන්න වීසා දුන්නු මේ ද්‍රෝහී ආණ්ඩුවට අපේ විරෝධය අපි පළ කරනවා. ඒ වාගේම චැනල් 4 මාෆියා කා‍රයෝ මේ එක්සත් ජාතික පක්ෂේ  අපේ පාරිශුද්ධ අපේ පූජනීය පුදබිමක් විදියට අපි සලකන සිරිකොත පක්ෂ මුලස්ථානය වේවා අපේ පක්ෂේට රිංගලා අපේ පක්ෂයත් ගුබ්බෑයමක් බවට පත්කරන්න හදනවා නම් ඒකටත් අපි කොන්දේසි විරහිතව නැගී ඉන්නවා”