අපි අවංකව ම සංවාදයකට යා යුතුයි – ඩේවිඩ් කැමරන් (වීඩියෝ)

අපි අවංකව ම සංවාදයකට යා යුතුයි – ඩේවිඩ් කැමරන් (වීඩියෝ)

අපි අවංකව ම සංවාදයකට යා යුතුයි – ඩේවිඩ් කැමරන් (වීඩියෝ)

කර්තෘ Staff writer

15 Nov, 2013 | 7:52 pm


බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා අද පස්වරුවේ යාපනයේ සංචාරය සඳහා පිටත්වීමට ප්‍රථම කොළඹදී රොයිටර් පුවත් සේවය වෙත සිය අදහස් පළ කළේ ය.
”අපේ රටවල් දෙකම ස්වෛරී රටවල්. අපි අවංකවම සංවාදයකට යා යුතුයි. අතීතයේ සිදුවීම් විශේෂයෙන් ම භයානක සිවිල් යුද්ධය අවසානයේදී සිදුවූ සිදුවීම් හා අද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව අවංක සංවාදයකට යෙදිය යුතුයි. මෙහිදී අවබෝධ කරගත යුතු සරල සත්‍යයක් තියෙනවා. මම මෙතන හිටියේ නැත් නම් මට මේ කරුණු ඉස්මතු කරන්න බෑ. මම හිතන්නේ බ්‍රිතන්‍යටත්, ශ්‍රී ලංකාවටත් මේක තමයි කෙරෙන්න ඕනෑ.
පසු ව ඩේවිඩ් කැමරන් මහතා සමඟ 40 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යාපනයේ සංචාරය සඳහා පිටත් ව ගියහ.
යාපනයේ වත්මන් තත්ත්වය පිළිබඳව සොයා බැලීම ඔහුගේ මෙම සංචාරයේ අරමුණ වී තිබේ.
අවුරුදු 1948කින් පසුව විදෙස් රාජ්‍ය නායකයෙක් සංචාරයක් සඳහා යාපනයට පැමිණ පළමු අවස්ථාව මෙය යි.
මේ අවස්ථාවේදී නල්ලූර් කනද්ස්වාමි කෝවිල ඉදිරිපිට  සහ යාපනයේ දොරෙයි අප්පා ක්‍රීඩාංගණය ඉදිරිපිට රැඳී සිටි පිරිසක් අතුරුදන්වූවන් පිළිබඳව සඳහන් කරමින් විරෝධතාවක නිරත වූහ.
මෙම පිරිස් ‍ඩේවිඩ් කැමරන් මහතා හමුවීමේ අපේකෂාවෙන් යාපනය පුස්තකාල පරිශ්‍රය වෙත ද පැමිණ තිබේ.
පුස්තකාලය ඉදිරිපිටදී විරෝධතාවයේ නිරතවූවෝ විදෙස් මාධ්‍යවේදීන් හමු වී සාකච්ඡා කළහ.
මේ අතර උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා අතර යාපනය පුස්තකාලයේදී සාකච්ඡාවක් පවත්වා තිබේ.
මෙම සාකච්ඡාවෙන් පසු ව ඩේවිඩ් කැමරන් මහතා උදයන් පුවත් පතේ ප්‍රධාන කාර්යාලයට ද පැමිණියේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]