සචින් ටෙන්ඩුල්කාර්: අසමසම ක්‍රීඩකයෙකුගේ සමුගැනීමේ ආරම්භය

සචින් ටෙන්ඩුල්කාර්: අසමසම ක්‍රීඩකයෙකුගේ සමුගැනීමේ ආරම්භය

සචින් ටෙන්ඩුල්කාර්: අසමසම ක්‍රීඩකයෙකුගේ සමුගැනීමේ ආරම්භය

කර්තෘ Staff writer

14 Nov, 2013 | 11:52 am

ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් අද සිය 200 වන ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගි වේ.
මෙම තරගය ඔහුගේ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය වීම වි‍ශේෂත්වයකි.
වැඩි ම ටෙස්ට් තරග සංඛ්‍යාවකට සහභාගි වූ ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ ද, සචින් ටෙන්ඩුල්කාර් ය.
ඊට අමතරව වැඩි ම ටෙස්‍ට් ලකුණු ලාභියා ලෙස ද පෙරමුණේ පසුවන්නේ, ඔහු ය.
ඔහු තරග 198කදී රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 15837කි.
ඊට ශතක 51ක් සහ අර්ධ ශතක 67ක් ඇතුළත් වන අතර ඔහුගේ ලකුණු රැස් කිරීමේ සාමාන්‍යය 53.86කි.
එක්දින තරගවලදී සචින් ටෙන්ඩුල්කාර් ශතක 49ක් රැස් කර ඇති අතර ටෙස්ට් සහ එක්දින තරගවලදී ශතක 100ක් රැස් කළ පළමු සහ එක ම ක්‍රීඩකයා ලෙස ද සචින් ඉතිහාසගතව සිටී.
සචින් ටෙන්ඩුල්කාර් 1989 වසරේ නොවැම්බර් 15 වන දා පකිස්ථානයට එරෙහිව සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි විය.