සෞදියේ නීති විරෝධීව රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් ආපසු එවීමට පියවර ගන්නැයි නියෝග

සෞදියේ නීති විරෝධීව රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් ආපසු එවීමට පියවර ගන්නැයි නියෝග

සෞදියේ නීති විරෝධීව රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් ආපසු එවීමට පියවර ගන්නැයි නියෝග

කර්තෘ Staff writer

13 Nov, 2013 | 11:43 am

නීති විරෝධීව සෞදි අරාබියේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් කඩිනමින් මෙරටට එවීම සඳහා පියවර ගන්නා ලෙසට විදේශ රැකියා ප්‍රවර්ධන හා ශුභසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා අදාළ නිලධාරීන්ට නියෝග කර තිබේ.
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙනිය මහතා පැවසුවේ, සෞදි රජය ප්‍රකාශයට පත් කළ පොදු සමා කාලය තුළදී දිවයිනට පැමිණීමට නොහැකි වූ ශ්‍රී ලාංකිකයින් 1300කට ආසන්න සංඛ්‍යාවක් එරට සිටින බව ය.