මංගල ​සමරවීර ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන දන්නව ද?

මංගල ​සමරවීර ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන දන්නව ද?

මංගල ​සමරවීර ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන දන්නව ද?

කර්තෘ Staff writer

13 Nov, 2013 | 9:04 pm


මෙරට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික සේවක සංගම් මූලස්ථානයේදී ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අදහස් පළ කළේ ය.
මේ අතර ජාතික සේවක සංගම් මූලස්ථානයට පැමිණ ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වීමට මංගල සමරවීර හිටපු අමාත්‍යවරයාට සදාචාරත්මක අයිතියක් නොමැති බව ජාතික සේවක සංගමයේ උප සංවිධායක ආනන්ද පාලිත මහතා අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පෙන්වා දුන්නේ ය.
    
මංගල සමරවීර හිටපු අමාත්‍යවරයගේ ප්‍රධානත්වයෙන් ජාතික සේවක සංගමයේ ඊයේ පැවති මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට මහා බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවේ මාධ්‍යවේදීන් ද කැඳවා තිබීම විශේෂත්වයකි.
එහිදී මන්ත්‍රීවරයා මෙලෙස අදහස් පළ කළේ ය.
”ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නැත්නම්,විදේශ ආයෝජකයෝ අද රටවල්වලට එන්නේ නෑ. අද විදේශ ආයෝජකයන්ට යන්න පුළුවන් රටවල් ලෝකේ ඕන තරම් තියෙනවා. අද බුරුමය,බර්මා වාගේ රටවල්වලට පවා අද ප්‍රජාතන්ත්‍රවාදී නිසා යනවා. අපිට ආයෝජකයන් ගෙන්නන්න ඕන නම් මේ වාගේ කානිවල් ති‍යල නෙවෙයි, ප්‍රජාතන්තවාදය ස්ථාපිත කරලා කම්කරුවන්ගේ අයිතිවාසිකම් ස්ථාපිත කරලා මානව අයිතීන් ස්ථාපිත කරල, සැබෑ ප්‍රජාන්ත්‍රවාදී රටක් බවට පත් කළොත්, ලංකාවට මේ වගේ නෙවෙයි මීට දහගුණයකින් ආයෝජකයන් සහ සංචාරකයන් ගෙන්න ගන්න පුළුවන් වෙනවා. නමුත් ඒ කටයුත්ත කරන්න නම් මේ රට තුළ ආණ්ඩු වෙනසක් අවශ්‍යමයි කියන එකයි අපි මෙතනදී මතක් කරන්න ඕන”
 
මේ අතර  ජාතික සේවක සංගමයේ උප සංවිධායක ආනන්ද පාලිත මහතා ප්‍රශ්න කර සිටිනනේ, මංගල සමරවීරට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ගැන කතා කිරීමට ඇති අයිතිය කුමක් ද? යනුවෙනි.
”මංගල සමරවීර කවුද. ජාතික සේවක සංගමයේ මොකක්ද දරන්නේ. ඔහුට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ගැන කතා කරන්න තියන අයිතිය මොකක්ද? අද මංගල සමරවීරව අල්ලගෙන එක්සත් ජාතික පක්ෂය විනාශ කිරීම මේ වෘත්ති සමිති ව්‍යාපාරයටම දැඩි කළලක් ගෙනාවා. භයිංකාර තත්ත්වයක් වැඩබිම් තුළ ඇති කළා. මංගල සමරවීර ප්‍රජාතන්ත්‍රවාදයක් දන්නවාද. මං මැක්රේට කියනවා කරුණාකරලා,ගිය පස් වෙනිදා මාතර දී මංගල සමරවීරගේ කුරුඳුපොලු හමුදාවේ ඒ ප්‍රහාරයන් ගැන වහාම පරීක්ෂණයක් කරන්න.අපි ඔයාගෙන් ඉල්ලන්නේ නැහැ, කියන්නේ ඔයා මෙතනට ආපු හින්දා කියන්නේ.අපිට ජාත්‍යන්තරයේ කැනහිලුන්ගේ පරීක්ෂණ අවශ්‍ය නැහැ.මේක නිදහස් රාජ්‍යයක් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ යම්තම් හෝ ජන මතයක් තිබ්බා නම් ඒකත් විනාශ කරේ මේ මංගල සමරවීර ඇතුළු නාමික නායකත්ව මණ්ඩලයට වාඩිවෙලා ඉන්න හෙංචයියලා,  මං කරූ ජයසූරිය මැතිතුමාගෙන් ඉල්ලන්න කැමතියි, අහන්න කැමතියි හෙට ඔබතුමා‍ වැඩ භාර ගන්නවා කියනවා, නාමිකව, පක්ෂේ වැටිලා, ඔබතුමාගෙන් අහනවා ඊයේ ජාතික සේවක සංගම් මූලස්ථානයේ චැනල් ෆෝ නාලිකාවේ මැක්රේ ඇතුළු ඔබතුමා හිටපු ස්වේච්ඡා හමුදාවේ නිලධාරියෙක් කියන හින්දා මං අහනවා ඔවුන්ව ගෙන්නපු එක අනුමත කරනවද?”
ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ, සිරිකොතට චැනල් ෆෝ ආයතනයේ චරිතය ගෙන ගොස් නොයෙකුත් විදිහේ විහිළු සපයන්නන්ගේ කතාවක් සිදු ව ඇති බව ත් එය මෙම රටට මහ ත් අගෞරවයක්  බව ත් ය.
”එතුමා එතුමාගේ නිවසට නැත්නම් සිරිකොතට මේ චැනල් ෆෝ ආයතනයේ චරිතය ගෙනගොස් නොයෙකුත් විදිහේ සාමාන්‍යයෙන් විහිළු සපයන්නන්ගේ කතාවක් කෙරිලා තියනවා. මේ රටට මහ අගෞරවයක් මහ අපකීර්තියක් නිරන්තරයෙන් සැලසුම් සහගතව ගෙන එන චරිත අද සිරි‍කොත මන්දිරයට ගෙනගොස් සිරිකොත මන්දිරයේ තියාගෙන කතා කිරීම මං හිතනවා එක්සත් ජාතික පක්ෂය තුළ ම , එක්සත් ජාතික පක්ෂය මේ රටට ආදරය කරපු මහාමාන්‍ය ඩී.එස්. සේනානායක නිර්මාණය කරපු මේ දැවැන්ත දේශපාලන පක්ෂෙට ගහන ලොකුම අතුල් පහරක් එහෙම නැත්නම් කම්මුල් පහරක් හැටියටයි මම පෞද්ගලිකව මම හිතනවා, රජය පැත්තෙන් අපිට තමුන්නාන්සෙලාට කියන්න තියෙන්නේ. ඒ තරමට දේශපාලන වශයෙන් බංකොලොත් වෙලා”