පොදුරද මඬුලු සමුළුවට නොපැමිණීම ගැන ලංකාවට වඩා ඉන්දියාව කණගාටු විය යුතුයි –  බැසිල් රාජපක්ෂ (වීඩියෝ)

පොදුරද මඬුලු සමුළුවට නොපැමිණීම ගැන ලංකාවට වඩා ඉන්දියාව කණගාටු විය යුතුයි – බැසිල් රාජපක්ෂ (වීඩියෝ)

පොදුරද මඬුලු සමුළුවට නොපැමිණීම ගැන ලංකාවට වඩා ඉන්දියාව කණගාටු විය යුතුයි – බැසිල් රාජපක්ෂ (වීඩියෝ)

කර්තෘ Staff writer

13 Nov, 2013 | 4:33 pm


පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි නොවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වඩා කණගාටු විය යුත්තේ ඉන්දියාව බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
අමාත්‍යවරයා ඒ බව පැවසුවේ කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටුවා තිබෙන පොදුරාජ්‍ය මණ්ඩලීය මාධ්‍ය මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා අද පැමිණි අවස්ථාවේදී ය.
පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව යනු ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලු පිළිබඳ සාකච්ඡා කරන සමුළුවක් නොව සමස්ත පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවලට බලපාන කරුණු සාකච්ඡා කරන සමුළුවක් බව බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
අමාත්‍යවරයා පැවසුවේ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව මෙරට පැවැත්වීම සම්බන්ධයෙන් නිහතමානීව ආඩම්බර වන බවත් එය ඉතා උසස් මට්ටමෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් ය.
ඒ වගේම ශ්‍රී ලංකාව පිළිබඳව මුළු ලෝකයේම අවධානය මේ වනවිට යොමුව ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
එහිදී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දෙස් විදෙස් මාධ්‍යවේදීන් සහ කාර්යමණ්ඩලය සමග සුහඳ කතාබහක ද නිරත විය.
 

Pics by Newsfirst Digital

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]