පෙන්වා දුන් කරුණු යළි අවධාරණය කරන්න අවස්ථාවක් හිමි වෙනවා

පෙන්වා දුන් කරුණු යළි අවධාරණය කරන්න අවස්ථාවක් හිමි වෙනවා

පෙන්වා දුන් කරුණු යළි අවධාරණය කරන්න අවස්ථාවක් හිමි වෙනවා

කර්තෘ Staff writer

13 Nov, 2013 | 7:52 pm


update:- පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම  සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය සල්මාන් කුර්ෂිඩ් මහතා අද දිවයිනට පැමිණියේ ය.
දිවයිනට පැමිණීමෙන් පසු විදේශ අමාත්‍යවරයා උතුරු පළාතේ සංවර්ධනයට ඉන්දියාව දායකත්වය සපයා ඇති අකාරය පිළිබඳ ව අදහස් පළ කළේ ය.
”අපි දිගින් දිගටම පෙන්වා දි ඇති කරුණු නැවත අවධාරණය කරන්න අවස්ථාවක් මට හිමිවෙනවා. මම හිතන්නේ අපි අමතක නොකළ යුතුයි ඉන්දියාව උතුරේ දෙමළ ජනතාව වෙනුවෙන් වැඩ කටයුතු රැසක් කරලා තියෙනවා කියලා. අපි නිවාස පනස්දාහක් ඉදිකරනවා. දැනටම ත් පන්දාහක් ඉදි කරලා ඉවරයි. අග්‍රාමාත්‍යවරයාට යාපනයට යන්න අවස්ථාවක්  තිබුණා. ඒවා ලබාදෙන්න”
ඉන්දීය විදේශ අමාත්‍ය සල්මාන් කුර්ෂිඩ් මහතා ඇතුළු නියෝජිතයින් 10දෙනෙකු විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණියේ අද පෙරවරුවේ ය.
මේ අතර පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි නොවීමට මුරිසි අග්‍රාමාත්‍ය නවීන් රාම්ගෝලාම් මහතා තීරණය කර තිබේ.
බී.බී.සි. ලෝක සේවය වාර්තා කළේ ඔහු ඒ බව ඊයේ එරට පාර්ලිමේන්තුවට දැනුම්දී ඇති බව ය.
කෙසේ වෙතත් මුරිසිය නියෝජනය කරමින් එරට විදේශ අමාත්‍ය අර්වින් බොලේල් මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී විය.
මේ අතර පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා තුවාලු රාජ්‍යයේ ආණ්ඩුකාර ලකෝබා ටායි මහතා අද දිවයිනට පැමිණියේ ය.
ආණ්ඩුකාරවරයා පිළිගනු ලැබු‍වේ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ය.
උගණ්ඩා රාජ්‍යයේ උප ජනාධිපති එඩ්වඩ් සෙකාන්ඩි මහතා ඊයේ දිවයිනට පැමිණියේ ය.
උප ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බි. දිසානායක මහතා ය.
මේ අතර සමෝආ රාජ්‍යයේ අග්‍රාමාත්‍යවරයා ද දිවයිනට
පැමිණි අතර රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා විසින් ඔහු පිළිගනු ලැබී ය.
 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]