නවසීලන්තයට කඩුලු 4ක විශිෂ්ට ජයක්

නවසීලන්තයට කඩුලු 4ක විශිෂ්ට ජයක්

නවසීලන්තයට කඩුලු 4ක විශිෂ්ට ජයක්

කර්තෘ Staff writer

13 Nov, 2013 | 12:19 am

ශ්‍රී ලංකාව සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 4ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 23කදී ලකුණු 138ක් රැස් කළේ ය.
එහිදී පන්දු 59කදී කුමාර් සංගක්කාර ලකුණු 71ක් රැස් කළ අතර තිලකරත්න ඩිල්ශාන් ලකුණු 55ක් රැස් කිරීමට සමත් විය.
කෙසේ වෙතත්, තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව නවසීලන්තයට පන්දුවාර 23ක් තුළදී හිමිවූ ඉලක්කය ලකුණු 203කි.
ඔවුහු එම ලකුණු සංඛ්‍යාව කඩුලු 6ක් පමණක් දැවී තිබියදී වාර්තා කරමින් තරගයේ ජය හිමි කර ගත්හ.
ආරම්භක පිතිකරු ටොම් ලේතම් පන්දු 68කදී ලකුණු 86ක් රැස් කළ අතර ලූක් රොන්චි පන්දු 26කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 49කි.
7 වන කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි නේදන් මැකලම් පන්දු 9කට මුහුණ දී ලකුණු 32ක් රැස් කරමින් නවසීලන්තයට ජය ගෙන දුන්නේ ය.