ජේම්ස් පැකර් පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුව අමතයි

ජේම්ස් පැකර් පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුව අමතයි

ජේම්ස් පැකර් පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුව අමතයි

කර්තෘ Staff writer

13 Nov, 2013 | 1:24 pm


පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුවේ දෙවැනි දිනය වූ අද  එය පැවැත්වුණේ ශ්‍රී ලංකාව 21 වන සියවසේ ව්‍යාපාර දිශාන්තය සහ සංචාරක ක්ෂේත්‍රය වර්ධනයේ නියමුවා ඇතුළු තේමාවන් කිහිපයක් යටතේ ය.
ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ රැසක්  ශ්‍රී ලංකාව තුළ ඇති අයෝජන අවස්ථාවන් පිළිබඳ ව මෙහිදී අදහස් පළ කළහ.
කොළඹදී පැවැත්වෙන පොදුරද මඩුලු ව්‍යාපාරික සමුළුවට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් සහ සභා නායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරික ජේම්ස් පැකර් යන මහත්වරු ඇතුළු පිරිසක් එක් වූහ.
පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුව හෙටින් අවසන් වන අතර 1000කට අධික ව්‍යාපාරිකයෝ පිරිසක් මීට සහභාගී වූහ.
මෙහිදී අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මෙවැන අදහස් පළ කළේ ය.

”භාණ්ඩ ඉන්දියාවට හා පාකිස්ථානයට අපනයනය සඳහා කේන්ද්‍රස්ථානයක් කරගනිමින් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන ඔබ දැනගත යුතුයි. එසේ කිරීමෙන් ඔබට අත්වන අති විශාල ප්‍රතිලාභ පිළිබඳව. ලංකාවේ පවතින නීති අනුව ඔබ ආයෝජන කරනවා නම් මෙම උප මහද්වීපයේ වෙළෙදපොළට තීරු බදු රහිතව ඔබට භාණ්ඩ යැවිය හැකියි”
සමුළුව අමතමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසූවේ, ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් ආණ්ඩුවක් මෙන් ම දුර්වල විපක්ෂයක් තිබෙන බව ය.
”අපිට ශක්තිමත් ආණ්ඩුවක් සහ දුර්වල විපක්ෂයක් තිබෙනවා. මම ඒකට නැහැ. අපිට ශක්තිමත් විපක්ෂයක් අවශ්‍යයි සංවරණ සහ තුලනය තහවුරු කරන්න. ඒත් අපිට මොකක්ද කරන්න පුළුවන්. ඉතිං නෝනාවරුනි මහත්වරුනිමීළඟ දශක කිහිපය සඳහා ත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන බව ස්ථීරයි. ඉතිං ඔබ කණගාටුවිය යුතු නැහැ. අපේ ආණ්ඩුව තිබෙනවා. මොකද අපි මේ රටේ ජනතාවට බොහෝ යහපත් දේ කර තිබෙන නිසා. ඉති ජනතාව අපිව තෝරා‍ නොගන්නේ ඇයි. අපි පවත්වපු සියලු මැතිවරණවලිදී එය පෙන්වා දී තිබෙනවා. ඉතිං ඔබ හිතන්න අවශ්‍ය නැහැ. මේ ප්‍රතිපත්ති ඉදිරි වසර දෙක තුනක කාලය තුළ වෙනස් වේවි කියලා. නැහැ. තව ත් දිගු කාලයක් සඳහා එය එසේ ම පවතීවි. ඒ පදනම මත ඔබට බියකින් තොරව ඔබට ලංකාවේ ආයෝජන කළ හැකියි”
ඔස්ට්‍රේලියාවේ ක්‍රවුන් රිසෝර්ට්ස් සමූහයේ සභාපති ජේම්ස් පැකර්  සමුළුව අමතමින් අවධාරණය කළේ, ශ්‍රී ලංකාව පුමුඛ පෙළේ සංචාරක පාරාදීසයක් බවට පත් කළ හැකි බව ය.
”මම දැන් ඔබට කියන්නම් මා විශ්වාස කරන ව්‍යාපාරික අවස්ථාව අනුව ඉන්දියාව චීනය ඇතුළු ආසියාවේ නැගී එන මධ්‍යම පංතිය සඳහා ශ්‍රී ලංකාව පුමුඛ පෙලේ සංචාරක පාරාදීසයක් බවට පත් කළ හැකි වීම ගැන. දැවැන්ත හා සුපිරි සංචාරක ව්‍යාපාරික මූලස්ථානයක් හා දිශාන්තයක් ලෙස මේ රට සංවර්ධනය කිරීමේ අවස්ථාවක් තිබෙනවා.ඒ වෙනුවෙන් කැපවෙමින් මගේ ක්‍රවුන් රිසෝර්ට්ස් සමාගම හරහා අපි සැලසුම් කරලා තියෙනවා ඒකාබද්ධ අවන්හල් ජාලයක් කොළඹ බේරේ වැව ආශ්‍රිතව ස්ථාපනය කරන්න. රජය බුද්ධිමත් ලෙස එහි ජනතාව වෙනුවෙන් ආයෝජනය කරමින් ඉන්නව නැගී එන ආර්ථිකයකට දායකවීමේ අවස්ථාව ජනතාවට ලබා දෙමින්. මේ වැඩිදියුණු වීම් හා ශ්‍රී ලංකාවේ ස්වභාවික ශක්තිය තුළින් රට ව්‍යාපාර සඳහා යෝග්‍ය තැනක් බවට පත් කෙරිලා තිබෙනවා. සමාගමක් විදියට අපි කුල්මත් වෙනවා මෙහෙ ආයෝජනය කිරීමට අවස්ථාව ලැබීම ගැන”
මේ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුවට සමගාමී ව ඊයේ රාත්‍රි භෝජන සංග්‍රයක් ද පැවැත්විය.