English
தமிழ்
කර්තෘ Staff writer
13 Nov, 2013 | 5:14 pm
නිව් යෝර්ක්හි අලුතින් ඉදි කළ වන් වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් අමෙරිකාවේ උස ම ගොඩනැගිල්ල ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව ගොඩනැගිල්ලේ උස අඩි 1,776ක් ලෙස සැලකෙයි.
මේ දක්වා අමෙරිකාවේ උස ම ගොඩනැගිල්ල ලෙස සැළකුනේ අඩි 1,451ක උසකින් යුත් විල්ස් ටවර් ගොඩනැගිල්ල යි.
එහෙත් වන් වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් ගොඩනැගිල්ල මත්තෙහි පිහිටි අඩි 408ක දිගකින් යුතු තුඩක් වැනි කොටස එහි උසට එක් කළ යුතු බව තීරණය කිරීම ත් සමග එය අමෙරිකාවේ උස ම ගොඩනැගිල්ල බවට පත්විය.
ලොව පුරා ගොඩනැගිලිවල උස සැලකීමේදී ඊට සම්බන්ධ ස්ථිර ඉදිකිරීම් උස ලෙසින් සලකන බව මේ පිළිබඳ සොයා බැලූ කමිටුවේ නිර්දේශය විය.
වන් වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් ගොඩනැගිල්ලේ තුඩක් වැනි ව්‍යුහය ලබන වසරේ වැඩ අවසන් කිරීමට නියමිත අතර එය විකාශන ඇනටනාවක් ලෙසින් ක්‍රියාකරනු ඇති.
සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයෙන් විනාශයට පත් නිව්යෝර්ක් ද්විත්ව කුළුණ පිහිටා තිබූ පරිශ්‍රයේ වන් වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් කුළුණ පිහිටා තිබේ.
කෙසේවෙතත් තව ම ත් ලොව උස ම ගොඩනැගිල්ල වනුයේ ඩුබායි රාජ්‍යයේ පිහිටි අඩි 2,723ක උසකින් යුත් බර්ජ් කලීෆා ගොඩනැගිල්ල යි.
16 Feb, 2019 | 05:18 PM
16 Feb, 2019 | 11:46 AM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS