හෙයියාන් පිලිපීනයට ශෝකය ගෙන එයි

හෙයියාන් පිලිපීනයට ශෝකය ගෙන එයි

හෙයියාන් පිලිපීනයට ශෝකය ගෙන එයි

කර්තෘ Staff writer

12 Nov, 2013 | 5:26 pm

හෙයියාන් කුණාටුවෙන් හානියට පත් පිලිපීනයට එරට ජනාධිපති බෙනිග්නෝ අකිනෝ විසින් ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.
එජන්සි වාර්තා සඳහන් කරන්නේ පුද්ගලයින් දස සහසකට පමණ මරු කැඳවමින් පිලිපීනයට බලපෑ හෙයියාන් කුණාටුවෙන් තව ත් පුද්ගලයින් මිලියන 9කට පමණ බලපෑම් එල්ල කළ බව ය.
මේ අතර කුණාටුවෙන් වැඩි වශයෙන් හානියට පත් ලෙයොට් සහ සමර් යන දිස්ත්‍රික්කවල තව ත් දහස් ගණනක් සිර වී සිටින බව පිලිපීන බලධාරීහු පවසති.
ඔවුන් වැඩි දුරට ත් පවසන්නේ, ජලය, විදුලිය, ආහාරපාන මෙන් ම අත්‍යවශ්‍ය සේවා නොමැති වීමෙන් තවම ත් පිලිපීන වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතය අඩපණ වී ඇති බව ය.
මේ අතර පිලිපීන පසුකරමින් පැයට කිලෝමීටර් 157ක වේගයකින් වියට්නාමයට කඩා වැදුණු හෙයියාන් කුණාටුව හේතුවෙන්  පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තව ත් පුද්ගලයින් ලක්ෂ 6ක් පමණ අවදානයට ලක් කර තිබේ.
විදෙස් වාර්තා සඳහන් කරන්නේ, වියට්නාමයේ සංචාරක ගමනාන්තයක් වන ලොන්ග් දුපතට කුණාටුවෙන් වැඩි හානි සිදු ව ඇති බව ය.
කෙසේ වෙත ත් තව දුරට ත් මිලිමීටර් 100ඉක්ම වූ වැසි අපේක්ෂා කරන බව වියට්නාම කාලගුණ බලධාරීහු පවසති.
ඔවුන් වැඩි දුරට ත් සඳහන් කරන්නේ චීනයට හෙයියාන් කුණාටුවේ බලපෑම් එල්ල විය හැකි බව ය.