යථාර්ථය නම් සාමාජික රටවල් අතර සම්පත් විෂමතා පැවතීම යි – ජනපති

යථාර්ථය නම් සාමාජික රටවල් අතර සම්පත් විෂමතා පැවතීම යි – ජනපති

යථාර්ථය නම් සාමාජික රටවල් අතර සම්පත් විෂමතා පැවතීම යි – ජනපති

කර්තෘ Staff writer

12 Nov, 2013 | 2:02 pm

,
පොදුරාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුව අද කොළඹදී ආරම්භ විය.
ඒ, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.
මේ සඳහා නියෝජිතයින් 1000කට අධික පිරිසක් එක්ව සිටින අතර එය 14 වන දා දක්වා පැවැත්වීමට නියමිත ය.
එහිදී සමුළුව අමතමන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ, සියලු දෙනා ම අපගේ සාමකාමී රටට පිළිගන්නා බව ය.
යථාර්ථවාදී ලෙස විග්‍රහ කළහොත් පොදුරාජ්‍ය මණ්ඩලයේ රටවල් අතර පවතින සුවිශේෂී සම්පත් විෂමතා වටහා ගත හැකි බව ද ඔහු පෙන්වා දුන්නේ ය.