දෙවැනි ද. ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ ලංකාවට දෙවැනි තැන

දෙවැනි ද. ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ ලංකාවට දෙවැනි තැන

දෙවැනි ද. ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ ලංකාවට දෙවැනි තැන

කර්තෘ Staff writer

12 Nov, 2013 | 9:37 pm


දෙවැනි දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව අද සමත් විය.
තරගාවලි‍ය අද නිමා වූයේ, නැගෙනහිර ඉන්දියාවේ රාංචි නුවරදී ය.
සුපුන් විරාජ් රණ්දෙණිය මීටර් 110 කඩුලු මතින් දිවීමේ බාලක ඉසව්වේදී  තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් අද පළමු රන් පදක්කම දිනා ගත්තේ ය.
ඒ සඳහා ඔහු ගත කළ කාලය තත්පර 13. 64කි.
එය නව තරගාවලි වාර්තාවක් ද වේ.
හිමාශ ඒෂාන් තරගාවලියේ මීටර 200 බාලක ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ නව තරගාවලි වාර්තාවක් ද පිහිටුවමිනි.
ඒ සඳහා ඔහු තත්පර 21.44ක කාලයක් වැය කළේ ය.
පූර්ණිමා ගුණරත්න උස පැනීමේ බාලිකා ඉසව්වේ රන් පදක්ම දිනා ගත් අතර කවපෙත්ත විසි කිරීමේ බාලිකා ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ අමන්ති ඕෂධී සිල්වා ය.
තරගාවලියේ මීටර් 100 මෙන් ම මීටර් 400 සහාය දිවීමේ බාලක හා බාලිකා ඉසව්වල  රන් පදක්කම් දිනා ගැනීමට ද ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.