හයියාන් චීනයට කඩා වදී

හයියාන් චීනයට කඩා වදී

හයියාන් චීනයට කඩා වදී

කර්තෘ Staff writer

11 Nov, 2013 | 7:34 pm

හයියාන් කුණාටුවේ බලපෑම් මේ වනවිට චීනයට එල්ල වෙමින් පවතී.
විදෙස් වාර්තා පවසන්නේ මේ හේතුවෙන් එරට දකුණු ප්‍රදේශයට තද වැසි ඇදහැලෙමින් පවතින බව ය.
ප්‍රදේශ රැසක් දැනටම ත් ජලයෙන් යට වී ඇති අතර ධීවර යාත්‍රා වරායන්හි නැංගුරම් ලා තබන ලෙස උපදෙස් දී තිබේ.
මේ අතර පිලිපීනයේ පුද්ගලයින් දස දහසකට මරු කැඳ වූ හයියාන් කුණාටු‍ව ඊයේ පස්වරුවේ උතුරු වියට්නාමයට කඩා වැදිණ.
වියට්නාමයේ සංචාරක ගමනාන්තයක් වූ හා ලොන්ග් බොක්කට මේ කුණාටුව කඩා වැදුණේ පැයට කිලෝමිටර් 157ක වේගයකිනි.
කුණාටුවට පෙර හය ලක්ෂයක වියට්නාම වැසියන් පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබු අතර කුණාටුවෙන් ‍6 දෙනෙකු මිය ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.