හයියාන් පිලිපීන ජීවිත 10,000ක් බිලි ගනී

හයියාන් පිලිපීන ජීවිත 10,000ක් බිලි ගනී

හයියාන් පිලිපීන ජීවිත 10,000ක් බිලි ගනී

කර්තෘ Staff writer

10 Nov, 2013 | 11:59 am


පිලිපීනයට කඩා වැදුණු හයියාන් කුණාටුව මිනිස් ජීවිත 10,000ක් පමණ බිලි ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
එම වාර්තා උපුටා දක්වමින් බී. බී. සී. ලෝක සේවය වාර්තා කරන්නේ, ඉන් 1000ත් පමණ ටැක්ලොබෑන් නගරයෙන් වාර්තා වන බව ය.
මේ අතර පුද්ගලයින් විශාල පිරිසක් අවතැන් ව ඇතැයි පිලිපීන කාලගුණ බලධාරීහු සඳහන් කරති.
මේ අතර පිලිපීන ජනාධිපති බෙනිග්නෝ අකීනෝ පවසන්නේ , සමස්ත පිලිපීනයට බලපෑ හයියාන් කුණාටුවෙන් සිදු ව ඇති හානි තවම ත් ඇස්තමේන්තු කර නොමැති බව ය.
මේ අතර සිදු ව ඇති මරණ සංඛ්‍යාව තව දුරට ත් ඉහළ යා හැකි බවට මත පළ වේ.
පිලීපින ආරක්ෂ ලේකම් වෝල්ටෙයාර් ගස්මින් පවසන්නේ , විදුලිය, පානීය ජලය, සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සියල්ල ඇණ හිටීමෙන් සම්පුර්ණ ජන ජීවිතය අඩාල වී ඇති බව ය.
වසරේ බලපෑ ප්‍රබළතම සහ දරුණුතම සුළි කුණාටුව පිලිපීනයෙන් අනතුරුව වියට්නාමයට බලපෑම් එල්ල කළ හැකි බවට කාලගුණ බලධාරීහු අණාවැකි පළ කරති.