වෙනිසියුලාවේ ගැබ්රියෙලා විශ්ව රූ රැජිණ කිරුළ පළඳී

වෙනිසියුලාවේ ගැබ්රියෙලා විශ්ව රූ රැජිණ කිරුළ පළඳී

වෙනිසියුලාවේ ගැබ්රියෙලා විශ්ව රූ රැජිණ කිරුළ පළඳී

කර්තෘ Staff writer

10 Nov, 2013 | 1:02 pm

2013 විශ්ව රූ රැජිණ ලෙස වෙනිසියුලාවේ ගැබ්රියෙලා අයිලර් කිරුළ පැළඳුවා ය.
මෙවර රුසියාවේ මොස්කව් නගරයේ පැවති 62 වන විශ්ව රූ රැජිණ තරගයට ලොව පුරා රටවල් නියෝජනය කරමින් තරගකාරියන් 86 දෙනෙක් සහභාගී වී සිටියහ.
2012 වසරේ විශ්ව රූ රැජිණ ලෙසින් කිරුළ පැළඳි ඇමරිකා එක්සත් ජනපදයේ ඔලිවියා කුල්පෝ විසින් විශ්ව රූ රැජිණ කිරුළ ගැබ්රියෙලා අයිලර් වෙත පළඳවනු ලැබී ය.
අවසන් සුපිරි 5 දෙනාගේ තරග වටයට වෙනිසුවෙලාවේ ගැබ්රියෙලා සමගින් ඉක්වදෝර රූ රැජිණ , බ්‍රසිල් රූ රැජිණ, පිලිපීන රූ රැජිණ සහ ස්පාඤ්ඤ රූ රැජිණ තරග වැදුනහ.
ඉන්දීය රූ රැජිණ මනසි මෝ තරගයේ පළමු දස දෙනා අතරට පිවිසීමට සමත් වූව ද සුපිරි 5 දෙනාගේ වටයට පිවිසීමට නොහැකි වූවා ය.

                                     The new Miss Universe crowned
 

                      Miss Venuzuela’s National Costume
 

                                           Gabriela Isler
 

 
Foreign Media