මාලදිවයින් ජනපතිවරණය: දෙවන වටයේ ඡන්ද විමසීම කල් යයි

මාලදිවයින් ජනපතිවරණය: දෙවන වටයේ ඡන්ද විමසීම කල් යයි

මාලදිවයින් ජනපතිවරණය: දෙවන වටයේ ඡන්ද විමසීම කල් යයි

කර්තෘ Staff writer

10 Nov, 2013 | 5:30 pm

මාලදිවයිනේ ඊයේ පැවති ජනාධිපතිවරණයේ දෙවන වටයේ ඡන්ද විමසීම තව ත් දින 6කින් කල් දැමීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
කෙසේවෙතත් මාලදිවයින් ව්‍යවස්ථාවට අනුකූලව හෙට දින වර්තමාන ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වන අතර  නව ජනාධිපතිවරයා නම් කළ යුතු ව තිබිණ.
කල් දැමීමෙන් අනතුරුව තුන්වන වරට ඊයේ පැවති ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්  47%කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේ ය.
එහෙත් එරට මැතිවරණ කොමිසම නිවේදනය කළේ, ආණ්ඩුවක් පිහිටුවීමට තරම් එය ප්‍රමාණවත් නොවන බව ය.
එබැවින් දෙවන වටයේ ඡන්ද විමසීමක් පැවැත්විය යුතු බවට මාලදිවයින්  මැතිවරණ කොමිසම නිවේදනය කළේ ය.