පොදුරද මඩුලු සමුළු සතිය ඇරඹෙයි (වීඩියෝ)

පොදුරද මඩුලු සමුළු සතිය ඇරඹෙයි (වීඩියෝ)

පොදුරද මඩුලු සමුළු සතිය ඇරඹෙයි (වීඩියෝ)

කර්තෘ Staff writer

10 Nov, 2013 | 11:13 am

, , ,
පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ සමුළුව හා මහජන සමුළුව ආරම්භ වීම ත් සමග පොදුරද මඩුලු සමුළු සතිය අද ආරම්භ වේ.
පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව පැවැත්වෙන තරුණ නායක සමුළුව හම්බන්තොට මාගම්පුර රුහුණුපුර සම්මේලන මධ්‍යස්ථානයේදී අද ආරම්භ විය.
තරුණ සමුළුව ආරම්භ වූයේ, ජනාධිපති මහින්ද රාජපක්ෂ  සහ පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කමලේෂ් ෂර්මා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.
9 වන වරට පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ නායක සමුළුවට රටවල් 44ක් නියෝජනය කරමින් තරුණ තරුණයින් 200කට ආසන්න පිරිසක් සහගී වී සිටිති.
එහිදී එම රටවල ජනතාව මුහුණ දෙනා රැකී රක්ෂා, කාන්තා හිංසන, කාලගුණ විපර්යාස හා ආහාර සුරක්ෂිතතාව වැනි ගැටලු පිළිබඳ ව මෙම සමුළුවේදී සාකච්ඡා කිරීමට නියමිත බව පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට අනුබද්ධ ජනතා සංසදය සැලසුම් කිරීමේ කිරීමේ උප කමිටු සභාපති වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස මහතා සඳහන් කළේ ය.
මේ අතර අද සිට ලබන 17 වන දා දක්වා පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළු සතිය තුළ ක්‍රියාකාරකම් රැසක් සිදු වන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා සඳහන් කළේ ය.

මේ අතර පෙදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින් හා ධූත මණ්ඩලීය පිරිස් සඳහා විශේෂ ආරක්ෂාවක් සපයා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අජිත් රෝහණ මහතා සඳහන් කළේ ය.
තරුණ නායක සමුළුවේ මෙවර තේමාව ”සංවර්ධනය සඳහා සාමූහිකව එකමුතු වෙමු” යන්නයි.
පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ  කවුන්සිලයේ ප්‍රථම රැස්වීම මෙහිදී පැවැත් වීම ද විශේෂත්වයකි.
පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ සමුළුව මෙරටදී  පැවැත් වීම මෙරට තරුණ ප්‍රජාව ලද සුවිශේෂි ජයග්‍රහණයක් බව යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේ ය.
මේ අතර පොදුරාජ්‍ය මණ්ඩලීය ජනතා සංසදය ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල කොටුපවුරේ පැවැත්වෙන සාමාරම්භක උත්සවයකින් අනතුරුව අද ආරම්භවීමට නියමිතයි.

එම සමුළුව ලබන 15 වන දා හික්කඩුවේදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා දෙස් විදෙස් නියෝජිතයන් 500කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතයි.
පොදු රාජ්‍ය මණ්ඩලී ය රටවල ජනතාව මුහුණ දෙන සමාජීය ගැටලු පිළිබඳව සාකච්ඡා කර ඊට විසඳුම් ලබා ගැනීම මෙම සමුළුවේ අරමුණයි.