‘හයියාන්’ ඇවිත් පිලිපීන ජීවිත 100ක් බිලි ගනී

‘හයියාන්’ ඇවිත් පිලිපීන ජීවිත 100ක් බිලි ගනී

‘හයියාන්’ ඇවිත් පිලිපීන ජීවිත 100ක් බිලි ගනී

කර්තෘ Staff writer

09 Nov, 2013 | 12:37 pm

පීලිපීනයට කඩා වැදුණු ‘හයියාන්’ කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 100 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් ව ඇතැයි, පිලිපීන බලධාරීන් උපුටා දක්වමින් බී.බී.සී. ලෝක සේවය පවසයි.
එම වාර්තා වැඩි දුරට ත් සඳහන් කරන්නේ, පැයට කිලෝමීටර් 320ක වේගයකින් හමා ගිය කුණාටුව පිලිපීනයේ පුද්ගලයින් මිලියන 12කගේ ජීවිත අවදානමට ලක් කර ඇති  බව ය.
කුණාටුව ත් සමග නගරයේ ගොඩනැගිලිවල ඉරිතැලීම් සිදුව ඇති අතර නායයාම් ද වාර්තා වී ඇත.
කුණාටුවෙන් ප්‍රදේශ කිහිපයක විදුලි බල හා සන්නිවේදන ජාලයට ද බලපෑම් එල්ල වී තිබේ.
‘හයියාන්’ කුණාටුව සති අන්තයේදී වියට්නාමයට බලපානු ඇති බවට විශ්වාස කෙරේ.
පිලිපීනයේ ප්‍රාන්ත 20කට පමණ බලපෑම් එල්ල කරමින් හමා යන ‘හයියාන්’ කුණාටුව මෙම වසරේ ලොවට බලපෑ දරුණුතම කුණාටුව බව කාලගුණ විද්‍යාඥයෝ පවසති.