සමුළුව වෙනුවෙන් කමලේෂ් ෂර්මා  දිවයිනට

සමුළුව වෙනුවෙන් කමලේෂ් ෂර්මා දිවයිනට

සමුළුව වෙනුවෙන් කමලේෂ් ෂර්මා දිවයිනට

කර්තෘ Staff writer

09 Nov, 2013 | 3:47 pm


පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ෂර්මා මහතා අද පස්වරුවේ දිවයිනට පැමිණියේය.
ඒ, පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට සහභාගිවීම සඳහා ය.
මේ අතර ඔහුගේ පැමිණීම හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු මාර්ග මේ වනවිට විවෘත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
ඒ අනුව වසා දමා තිබු කටුනායක – කොළඹ අධිවේගි මාර්ගය, නව කැලණි පාලම, බොරැල්ල මංසන්ධිය, දෙමටගොඩ, ඔරුගොඩවත්ත බණ්ඩාරනායක වටරවුම යන මාර්ග යළි විවෘත කර තිබේ.
අද සහ හෙට දිනයේ යළිත් මාර්ග වැසීමක් සිදු නොවන බව පොලීසිය සඳහන් කළේය.
පොදු රාජ්‍ය මණ්ඩලිය රාජ්‍ය නායක සමුවව වෙනුවෙන් ක්‍රියාත්මක රථ වාහන සැලැස්ම යටතේ අනිද්දා සිට අවශ්‍ය වේලාවන්හිදී මාර්ග තාවකාලිකව වැසීමට පියවර ගන්නා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]