මාලදිවයින් ජනපතිවරණ ඡන්ද විමසීම ඇරඹේ

මාලදිවයින් ජනපතිවරණ ඡන්ද විමසීම ඇරඹේ

මාලදිවයින් ජනපතිවරණ ඡන්ද විමසීම ඇරඹේ

කර්තෘ Staff writer

09 Nov, 2013 | 2:23 pm

මාලදිවයින් ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ වී තිබේ.
ඒජන්සි වාර්තා සඳහන් කරන්නේ, ඡන්ද මධ්‍යස්ථාන 475කදී ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු වන බව ය.
මේ වන විට මාලදිවයින් ජනාධිපතිවරණය සාමකාමීව සිදු වන බව එරට මැතිවරණ කොමිසම පවසයි.
මේ අතර මාලදිවයින් ජනාධිපති ප්‍රකාශක මසුඩ් ඉමාඩ් වැඩි දුරට ත් සඳහන් කර ඇත්තේ, රට තුළ ව්‍යවස්ථාමය අර්බුදයක් ඇති වීම වැළැක්වීම සඳහා අද ජනාධිපතිවරණය පැවැත්වෙන බව  ය.
මාලදිවයින් ව්‍යවස්ථාවට අනුව මේ මස 11 වන දා වාර්තමාන ජානාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වන අතර එදින නව ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කළ යුතු වේ.