නුගේගොඩ නිවසකින් වායු රයිෆල් මතුවෙයි

නුගේගොඩ නිවසකින් වායු රයිෆල් මතුවෙයි

නුගේගොඩ නිවසකින් වායු රයිෆල් මතුවෙයි

කර්තෘ Staff writer

09 Nov, 2013 | 8:33 pm

නුගේගොඩ, පරණ පාරේ නිවසකින් වායු රයිෆල් ඇතුළු ආයුධ තොගයක් සොයාගෙන තිබේ.
ඒ අතර කඩු 240ක්, කිනිසි 95ක්, පිහි 60ක්, දුරකතන 10ක් ද වන බව පොලීසිය සඳහන් කළේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාහක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සොයා කළ පරික්ෂා කිරිමකදී එම ආයුධ සොයාගත් බව ය.
කුමන අරමුණකින් එම ආයුධ සන්තකයේ තබා ගත්තේදැයි යන්න පිළිබඳ පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.