ඉන්දීය අගමැතිගේ අවසන් තීරණය ඉදිරි පැය 24 තුළ

ඉන්දීය අගමැතිගේ අවසන් තීරණය ඉදිරි පැය 24 තුළ

ඉන්දීය අගමැතිගේ අවසන් තීරණය ඉදිරි පැය 24 තුළ

කර්තෘ Staff writer

09 Nov, 2013 | 10:46 pm

ඉන්දීය අගමැති අචාර්ය මන්මෝහන් සිං මහතා පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුලුවට සහභාගී වීම පිළිබඳව විවිධ වාර්තා ඉන්දීය මාධ්‍ය අද පල කළේය.
ඉකොනොමික් ටයිම්ස් සහ හින්දුස්ථාන් ටයිම්ස් ඉන්දියා විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයෙකු උපුටා දක්වමින් වාර්තා කළේ  අගමැතිවරයාගේ  ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව අවසන් තීරණයක් ගෙන නොමැති බව ය.
නමුත් අභ්‍යන්තර මූලාශ්‍ර උපුටා දක්වමින් එන්.ඩී.ටී.වී. නාලිකාව වාර්තා කළේ, ඉන්දීය අගමැතිවරයා පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුලුවට සහභාගී නොවන බව ය.
සී.එන්.එන්., අයි.බී.එන්. සහ ටයිම්ස් ඔෆ් ඉන්දියා ද මීට සමාන වාර්තා පල කර තිබේ.
සී.එන්.එන්., අයි.බී.එන්. එම වාර්තාවේ පෙන්වා දී ඇත්තේ ඉන්දියානු රජය ශ්‍රී ලංකා රජය වෙත පැය 24ක් තුළ තම අවසන් තීරණය දැනුම් දීමට නියමිත බව ය.
නිව්ස්ෆස්ට් කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් මේ පිළිබඳ විමසූවිට අගමැති ආචාර්ය මන්මෝහන් සිං මහතා  මෙම සමුළුවට සහභාගී වන්නේ ද යන්න පිළිබඳව නිල දැනුම්දීමක් මේ වනතෙක් නොලැබුණු බව එහි නිලධාරින් සඳහන් කළේය.
නමුත්  ඔවුන් ප්‍රකාශ කර සිටියේ විදේශ අමාත්‍ය සල්මාන් කුර්ශිඩ් මහතා මෙම සමුළුවට සහභාගීවන බව මීට පෙර අවස්ථාවකදී තහවුරු කළ බව ය.