අද සිට 15 දක්වා විශේෂ රථවාහන සැලැස්මක්

අද සිට 15 දක්වා විශේෂ රථවාහන සැලැස්මක්

අද සිට 15 දක්වා විශේෂ රථවාහන සැලැස්මක්

කර්තෘ Staff writer

09 Nov, 2013 | 8:20 am

පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව සඳහා රාජ්‍ය නායකයින් පැමිණීම හේතුවෙන් අද සිට කොළඹ නගරයට ඇතුළු වීමේදී සහ පිටවීමේදී විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පෙලිස්  මූලස්ථානය පවසයි.
අද සහ හෙට ත් 12,13,14,15 යන දිනවල ත් රාජ්‍ය නායකයින් පැමිණෙන අවස්ථාවන්හිදී පමණක් එම රථවාහන සැලැස්ම ක්‍රියාත්මකයි.
කටුනායක කොළඹ අධිවේගී මාර්ගය, නව කැලණි පාලම, බණ්ඩාරනායක වටරවුම, ඔරුගොඩවත්ත, දෙමඩගොඩ, බොරැල්ල මංසන්ධිය, කනත්ත වටරවුම දක්වා බේස්ලයින් මාර්ගය, බෞද්ධාලෝක මාවත, තුන්මුල්ල සහ බම්බලපිටිය මංසන්ධිය, ගාලු පාර, කොල්ලුපිටිය මංසන්ධිය, ගාලු මුවදොර වටරවුම, පරණ පාර්ලිමේන්තු වටරවුම, ලෝටස් මාර්ගය, බැංකු මාවත, සෙරමික් මංසන්ධිය, රීගල් මංසන්ධිය, චිත්තනම්පලම් ඒ ගාඩිනර් මාවත, කොම්පඤ්ඤ වීදිය පෙලීසිය අසල වටරවුම එලෙස වාහන ගමනාගමනය සඳහා සීමා වන බව පොලීසිය දැනුම් දෙයි.