ව්‍යාපාරික සමුළුවට විදේස් නියෝජිතයින් 640 කට වැඩි ප්‍රමාණයක් – විදේශ ඇමති

ව්‍යාපාරික සමුළුවට විදේස් නියෝජිතයින් 640 කට වැඩි ප්‍රමාණයක් – විදේශ ඇමති

ව්‍යාපාරික සමුළුවට විදේස් නියෝජිතයින් 640 කට වැඩි ප්‍රමාණයක් – විදේශ ඇමති

කර්තෘ Staff writer

08 Nov, 2013 | 10:24 pm

පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුව සදහා විදේශිය නියෝජිතයින් 640 කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට ලියාපදිංචි වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා පවසයි.
අද කොළඹදී පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ‍එම සමුළුවේදී ශ්‍රී ලංකාව අන්තර් ජාතික ආයෝජන කෙන්ද්‍රස්ථානයක් ලෙස ‍පෙන්වාදීම තම අරමුණ බව ය.
පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල ගණකාධිකාරීවරුන්ගේ සංගමය අද නිල වශයෙන් දියත් කෙරිණ.
එහි කැඳවුම්කරු ලක්ෂමන් ආර්. වටවල මහතා  පෙන්වා දුන්නේ ‍ සමාජීක රටවල  කළමනාකරණ, ගණකාධිකරණ, මූල්‍ය හා විගණනය යන කේෂ්ත්‍රවල වෘත්තිය භාවය ඉහළ නැංවීම මෙහි ප්‍රධාන අරමුණ බව ය.
එහිදී අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරීස් මහතා මෙසේ පැවසීය.
“පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික සමුළුව පවත්වන්නේ ‍පටු අරමුණු‍ වෙනුවෙන් නෙවෙයි. මෙහි අරමුණ තමයි ශ්‍රී ලංකාව අන්තර්ජාතික ආ‍යෝජන කෙන්ද්‍රස්ථානයක් ලෙස සැළකීමට ගෝලීය ලැදියාවක් ඇති කිරීම.  භූගෝලීය පිහිටිම, ඉන්දීයාව වැනි අසල් වැසි රටවල් සමග ද්විපාර්ශවීය වෙළෙඳ‍ ගිවිසුම ඇතිකර ගැනීම, ආයෝජන මණ්ඩලයේ බලවත් යාන්ත්‍රනයක් ඇති කර තිබීම, ආයෝජනවල ආරක්ෂාව ව්‍යවස්ථාව තුළින්ම තහවුරු කරීම වගේ කාරනා මත ඉදිරි දින කිහිපයේදී කොළඹදී ආරම්භ වන ව්‍යාපාරික සමුළුවට දැඩි උනන්දුවක් තිබෙනවා”