යාපනයේ ළිඳකින් තවත් කාන්තා මළ සිරුරක්

යාපනයේ ළිඳකින් තවත් කාන්තා මළ සිරුරක්

යාපනයේ ළිඳකින් තවත් කාන්තා මළ සිරුරක්

කර්තෘ Staff writer

08 Nov, 2013 | 9:24 pm

යාපනය, ඉනුවිල් නැගෙනහිර ප්‍රදේශයේ ළිඳක තිබී කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබේ.
එලෙස මියගොස් ඇත්තේ ටී.විද්‍යා නමැති වයස අවුරුදු 41දෙදරු මවකි.
අද අලුයම 5.30ට පමණ අදාළ කාන්තාව නිවසේ නොමැති බවට දැන ගැනීමත් සමග නිවැසියන් කළ සොයා බැලීමකදී ළිඳක සිරුර පාවෙමින් තිබෙනු දැක තිබේ.
පසුව කළ පැමිණිල්ලකට අනුව චුන්නාකම් පොලීසිය පැමිණ  සිරුර ගොඩ ගත්තේය.
මේ වනවිට පස්චාත් මරණ පරීක්ෂණය සදහා දේහය යාපනය රෝහලට ගෙනගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
මේ අතර පසුගිය  29 වන දා පස්වරුවේ යාපනය පුතූර්හිදී ළිඳක වැටී මියගොස් සිටියදී මෛතිලී නම් තරුණියකගේ සිරුර සොයා ගැනිණ.
එම තරුණිය දූෂණය කොට මරාදමා ඇති බවට ඇගේ දෙමව්පියන් චෝදනා කළේ ය.