English
தமிழ்
කර්තෘ Staff writer
08 Nov, 2013 | 10:00 pm
‘ලොවක් හමුවන රටක් තේමාවෙන්’ 2013 පොදුරද මඬුලු සමුළුවට මේවනවිට සියලු කටයුතු සූදානම් කර තිබේ.
පොදු රද මඬුලු සමුළුවට සමගාමීව වැඩසටහන් ලබන ඉරිදා සිට ආරම්භවීමට නියමිත ය.
2013 පොදු රාජ්‍ය මණ්ඩල සමුලුව කොටස් කිහිපයකින් සමන්විත වේ.
රාජ්‍ය නායක සමුළුව, ව්‍යාපාර සමුළුව, තරුණ සමුළුව හා මහජන සමුළුව එම අංග වේ.
පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භක උත්සවය ලබන 15 වන දා කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්වේ.
පැය 1යි මිනිත්තු 15 ක් පැවැත්වෙන සමාරම්භක උත්සවේදී බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොදු රාජ්‍ය මණ්ඩල මහලේකම්වරයා සහ ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයා සභාව ඇමතීමට නියමිත ය.
පොදු රාජ්‍ය මණ්ඩලයීය තරුණ සමුළුව අනින්දා හම්බන්තොට රුහුණු මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රනණ මධ්‍යස්ථානයේදී ආරම්භ වේ.
ව්‍යාපාරික සමුළුව ලබන 12 වන දා සිට 14 වන දා දක්වා පැවැත්වෙන්නේ කොළඹදී ය.
ප්‍රධාන සමුළුවට සමගාමීව පැවැත්වෙන මහජන සමුළුව අනිද්දා හික්කඩුවේදී ආරම්භ වේ.
මේ අතර පොදු රාජ්‍ය මණ්ඩල සමුලුව වෙනුවෙන් මේ වනවිට විශේෂ රථ වාහන සැලැස්මක්ද ප්‍රකාශයට පත් කර තිබේ.
රාජ්‍ය නායකයින්ගේ පැමිණීම සිදුවන ලබන 9,10, 12, 13, 14, 15 යන දින සහ ඔවුන් මෙරටින් පිටවන දිනයන් වන 16, 17 සහ 18 යන දින කටුනායක අධිවේගි මාර්ගය ඇතුළු මාර්ග කිහිපයක් වරින්වර වසා දැමෙනු ඇති.
එමෙන්ම සමුළුව ආරම්භ වන 15 වන දා රාජ්‍ය නායකයින් පැමිණෙන අවස්ථාවේදී පමණක් කොළඹ මාර්ග කිහිපයක වාහන ගමනා ගමනය සීමා කෙරෙන බව පොලීසිය දැනුම් දෙන්නේ ය.
21 Feb, 2019 | 12:22 PM
21 Feb, 2019 | 07:46 AM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS