නි.ඇමති සනත් නව ඉනිම අරඹයි

නි.ඇමති සනත් නව ඉනිම අරඹයි

නි.ඇමති සනත් නව ඉනිම අරඹයි

කර්තෘ Staff writer

08 Nov, 2013 | 8:00 pm


තැපැල් සේවා නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය මහතා අද පෙරවරුවේ සිය රාජකාරී කටයුතු නිල වශයෙන් ආරම්භ කළේය.
නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය මහතා රාජකාරි ඇරඹුවේ වෝඩ් පෙදෙසෙහි පිහිටි කාර්යාලයේදී ය.
ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටිය හ.
එහිදී අදහස් දැක්වූ තැපැල් සේවා නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය මහතා මෙසේ පැවසීය.
“මගේ ජීවිතේ  ගොඩාක් සන්තෝෂ දවසක්. අද පටන් ගත්ත වගකීම අමාත්‍යතුමත් එක්ක යන දීර්ඝ කාලීන ගමනක්  යන්න තියෙන්නේ. ඉතින් මම නියොජ්‍ය අමාත්‍යතුමා හැටියට  අමාත්‍යතුමත් එක්ක ඒ වගකීම උපරිමෙන්ම තැපැල් සේවා අමාත්‍යංශයට ඉෂ්ඨ කරනවයි කියන එක පළමුවෙන් කියන්න ඕනේ. මාතර දිස්ත්‍රික්කයේ ජනතාව වැඩිම මනාපයක් දීලා මාව පළවෙනි තැනට ගෙනාවා.විශේෂයෙන් ජනතාවට මාතර දිස්ත්‍රික්කයේ මම විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා.මං ගැන ඒ විශ්වාසේ තියලා  ඒ ඒ තැනට ගෙනාපු එක පිළිබද”
තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා මෙසේ පැවසීය.
“තැපැල් සේවාව අපි වෙනස් මගකට යොමු කරමින් රටට ඵලදායී විදියට අපි මේ තැපැල් සේවාවේ ගමන් මග ඉදිරියට මෙහෙයවන මොහොතක මං  හිතනවා සනත් ජයසුරිය මැතිතුමා ඒ නියෝජ්‍ය අපේ අමාත්‍යංශයේ හිස්ව තිබිච්ච ඒ නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් පිදුම් ලබලා එතුමා මේ වගකීම භාර ගැනිම අපි සියලු දෙනාටම විශාල පහසුවක්.”
ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා එහිදී මෙසේ කියා සිටියේය.
“සනත් ජයසූරිය ගමක පිටිසර ගමකින් ඇවිල්ලා අද ලෝකය අතගාන චරිතයක් බවට පත්වෙලා තියෙනවා. ඔහු ඒ ආපු ගමන සුන්දරයි දුෂ්කරයි. එහෙම ලේසියෙන් එතෙන්ට එන්න පුළුවන්කමක් ති‍බ්බේ නෑ. +මේ දේශපාලනය හන්ඩ්‍රඩ් මීටර්ස් දිව්ල්ලක් නෙවෙයි.දේශපාලනය මැරතන් එකක්.ඒ මැරතන් එකේ රඳා පැවැත්ම බොහොම අපහසුයි. යෂ්ටිය මාරු කරන කොට හිතාමතාම වට්ටනවා.කකුල් පටලවනවා.කකුල් මාට්ටු. සාමාන්‍යයෙන් කථාවක් තියෙනවා පාර්ලිමේන්තුවේ ඇවිදින කොට දකුණු කකුල උස්සන්ඩ ඉස්සෙල්ලා පොඩ්ඩක් පස්ස හැරිල බලන්ඩයි  කියලා. මොකද තනි කකුලෙන් හිටපු ගමන් ගහනවා. ක්‍රීඩාවෙත් එහෙමයි. ඉතින් හොදට පුරුදුයි ඒක.ඉතින් ඒ නිසා මම හිතනවා ඒ පුරුද්ද පළ පුරුද්ද ඒ සියල්ලත් එක්ක තැපැල් සේවාවට මගේ මිත්‍ර ජිවන් කුමාරතුංග මැතිතුමාටත් තවත් සහයෝගයක් ශක්තියක් අද ලබලා දෙනවයි කියලා මම විශ්වාස කරනවා”
එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කෙරිණ.