දෙවන මනාලියන් 130ක් සමග ගිනස් පොතට ගිය ලාංකික මංගල උත්සවය (වීඩියෝ)

දෙවන මනාලියන් 130ක් සමග ගිනස් පොතට ගිය ලාංකික මංගල උත්සවය (වීඩියෝ)

දෙවන මනාලියන් 130ක් සමග ගිනස් පොතට ගිය ලාංකික මංගල උත්සවය (වීඩියෝ)

කර්තෘ Staff writer

08 Nov, 2013 | 6:33 pm


මංගල දිනය යුවළකට ඉතාම වැදගත් දිනයකි. විවාහපත් යුවළ පමණක් නොව රූපලාවන්‍ය ශිල්පිණියත් රටත් ගිනස් වාර්තා පොතට එක් කිරීමට සමත් වූ මංගල උත්සවයක් අද මීගමුවේදි පැවැත්විය.
නිසංසලා සහ නලීන් අද යුග දිවියට එළැඹුණේය.
ඔවුන්ගේ මංගල උත්සවයට දෙවන මනාලියන් 130ක්, දෙවන මනාලයන් 30ක් ද ඇතුළුව සමූහ ඡායාරූපය සඳහා 200කට ආසන්න සංඛ්‍යාවක් පෙනි සිටියේය.
ලෝක ගිනස් කමිටුවෙන් එම මංගල උත්සවය නිරීක්ෂණය කිරීම සඳහා ගිනස් නියෝජිත සේඩා සුබාසි මහත්මිය පැමිණ සිටියා ය.
දෙවන මනාලියන් 130ක් සමගින් එම වාර්තාව තැබීමට අවශ්‍ය නිර්නායක ඇය පැහැදිලි කරමින් මෙසේ පැවසුවාය.
“මේ දෙවන මනාලියන් එකම විදියේ ඇදුමින් සැරසෙන්න ඔනේ. ඔවුන්  මනාල යුවල සමග එකටම රුපලාව‍න්‍යාගාරයට යන්න ඔනේ මිට පෙර මේ වාර්තාව පිහිටවූයේ  බැංකොක් නුවරදි”
සිංහල චාරිත්‍රානුකුලව විවාහ වූ යුවල ගිනස් වාර්තාව සදහා පෙනි සිටියේ වෙනත් ශාලාවකදී ය.
ශාලාවට ඇතුලු වන දෙවන මනාලියන් එහිදී ගිනස් නියෝජිතවරියගේ නිරික්ෂණයට ලක්විය.
සියලු කරුණු  සම්පුර්ණ වන බැවින්  ලොව වැඩිම දෙවන මනාලියන් ගණනක් සහිතව සිදුවූ විවාහ මංගල උත්සවය ලෙස නිසංසලාගේත් නලින්ගෙත් මංගල උත්සවය ගිනස් වාර්තා පොතට එක්විය
ප්‍රවිණ රුපලාවන්‍ය ශිල්පිනි චම්පි සිරිවර්ධනට එම ගිනස් වාර්තාවට හිමි වේ.
ඇයගේ නෑන්ඩියගේ විවාහ මංගල උත්සවයත්, ක්ෂේත්‍රයේ 15 වසරත් සැමරිම වෙනුවෙන් චම්පි එම ගිනස් වාර්තාව තැබීමට තිරණය කර තිබුණි.