කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයෙන් ඉන්දියාවට ඉනිමක ජයක්

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයෙන් ඉන්දියාවට ඉනිමක ජයක්

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයෙන් ඉන්දියාවට ඉනිමක ජයක්

කර්තෘ Staff writer

08 Nov, 2013 | 10:32 pm

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 51ක ජයක් ඉන්දියාව අද වාර්තා කළේය.
මංගල තරගයේදීම ශතකයක් රැස් කළ ඉන්දියාවේ රෝහිත් ශර්මා කොල්කටා ඊඩ්න් ගාඩ්න් පිටියේ පැවැති තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේ ය.
තරගයේ පළමු  ඉනිම සඳහා බටහිර ඉන්දීය කොදෙව්වන් රැස් කළ ලකුණු සංඛ්‍යාව 234කි.
පිළිතුරු ලෙස ඉන්දියාව ලකුණු 453ක් රැස් කළේය.
රවිචන්ද්‍රන් අශ්වින් හා රෝහිත් ශර්මා ඉන්දියාව වෙනුවෙන් අද දිනයේදී ඉනිම ආරම්භ කළේ ය.
තම දෙවැනි ටෙස්ට් ශතකය අද වාර්තා කළ අශ්වින් ලකුණු 124ක් ලබා ගත්තේය.
රෝහිත් ශර්මා ලකුණු 177ක් රැස් කළේය.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ, ශේන් ෂිලින්ෆර්ඩ් ලකුණු 167ට දවාගත් කඩුලු සංඛ්‍යාව 6කි.
අද සිය දෙවැනි ඉනිම සඳහා කොදෙව්වන් පිටිය‍ට පැමිණෙන විට ඉන්දියාවට වඩා ලකුණු 219ක් පිටුපසින් සිටියේය.
ක්‍රිස් ගේල් ලකුණු 33ක් රැස් කළ අතර, කිරන් පවෙල් ලකුණු 36ක් ලබා ගත්තේය.
ඩැරන් බ්‍රාවෝ ලකුණු 37කට දැවී ගියේය.

තරගයේ 48 වැනි පන්දුවාරයේදී කඩුලු තුනක් බිඳ වැටුණ අතර ඔවුන්ගේ අවසන් කඩුලු 5 බිඳ වැටුණේ ලකුණු 16ක් තුළදී ය.
ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායමේ සිය මංගල ටෙස්ට් තරගයට සහභාගී වූ මොහොමඩ් ශාමි ලකුණු 47ට කඩුලු 5ක් දවා ගත් අතර, ඔහු
ඉනිම  දෙකේදීම කඩුලු 9ක් දවා ගත්තේය.
පළමු ටෙස්ට් තරගයේදීම වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගත් ඉන්දීය වේග පන්දු යවන්නා බවට මොහොමඩ් ශාමි අද පත්වීම ද විශේෂත්වයකි.