.webp)
-628826.jpg)
ශ්‍රී ලංකාවේ ණය පිළිබඳ ඉදිරි දැක්ම ස්ථාවර මට්ටමක පවතින බව පෙන්වා දෙන එම ආයතනය පවසන්නේ ඉදිරි වසර දෙක තුළ ණය පැහැර හැරීමේ අවස්ථාවක් ඇති වීමට ඇති ඉඩකඩ අවම බවයි.
රජයේ ණය සහ මූල්‍ය වගකීම් නියමිත පරිදි ආපසු ගෙවීමේ හැකියාව සහ ඒ ආශ්‍රිත අවදානම මැන බලා ඇගයීමට ලක් කිරීම S&P Global Ratings ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීමෙන් සිදුවේ.
දිගුකාලීන දේශීය හා විදේශීය ණය පිළිබඳ එස් ඇන්පී පී ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාව රැඳී සිටියේ සීසීසී ප්ලස් මට්ටමේයි.
ණය සැලකිය යුතු අවධානමක ඇති බව ඉන් කියැවේ.
මෙවර එම ශ්‍රේණිගත කිරීම් බී මයිනස් දක්වා ඉහළ දමා ඇති අතර ඉන් අදහස් වන්නේ දැනට දිගු කාලීන ණය ගෙවීමේ හැකියාව ඇති බවයි.
එස් ඇන්ඩ් පී ග්ලෝබල් ණය ශ්‍රේණිගත කිරීම්වල කෙටිකාලීන දේශීය හා විදේශීය ණය සම්බන්ධ ශ්‍රේණිගත කිරීම් පැහැර හැරීමේ මට්ටමවූ සී තත්ත්වයේ සිට දැනට එම ණය ආපසු ගෙවීමේ හැකියාව පවතින බවට පිළිඹිබු වන බී මට්ටම දක්වා ඉහළ දමා තිබේ.
