.webp)
 (1)-628728.jpg)
පසුගිය වසරේ අද වැනි දිනක ශ්‍රී ලංකාවට දකුණු මුහුදු ප්‍රදේශයේ හටගත් අඩුපීඩන කලාපය, පසුව 'දිට්වා' නමින් ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී දිවයිනේ ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් ඇති කළේ ය.
දිට්වා සමග ඇතිවූ තද වැසි , තද සුළං සහ නායයෑම්වලින් මාර්ග පද්ධති , නිවාස සහ වගාබිම් විශාල ලෙස විනාශයට පත්විය.
ආපදා හේතුවෙන් 650කට අධික පිරිසකට දිවි අහිමි වූ අතර 173කට ආසන්න පිරිසක් තවමත් අතුරුදන්.
මිය ගිය සහ අතුරුදන්වූ පිරිස සිහිපත් කිරිමේ ජාතික සර්ව ආගමික වැඩසටහන , අද බදුල්ල නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.
ඒ , අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙනි.
එම ජාතික සර්වාගමික වැඩසටහනට සමගාමිව සමරු මුද්දරයක් නිකුත් කිරීම සහ විශේෂ ග්‍රන්ථයක් එළිදැක්වීම ද සිදුවේ.
