.webp)

ඒ, එකලස් කළ සුඛෝපභෝගී මෝටර් රථයක් ව්‍යාජ අංක තහඩු යොදා පරිහරණය කළ සිද්ධියට අදාළවයි.
චෝදනා 3කට වරදකරු බව හිටපු අමාත්‍යවරයා අධිකරණයේ පිලිගැනීමෙන් පසුව එම චෝදනාවලට අදාළව දඩ හා දඩුවම් නියම කිරීම අද සිදුවුණි.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට චෝදනා එල්ල වී තිබුණේ, ආර්ථික අර්බුදය හේතුවෙන් වාහන ගෙන්වීම තහනම් කර තිබූ කාලසීමාවට අයත් 2023 දෙසැම්බර් 05 සහ 2024 ඔක්තෝබර් 04 අතර කාලසීමාවේ එකලස් කරන ලද සුපිරි මෝටර් රථයක් ව්‍යාජ අංක තහඩු යොදා පරිහරණ කළ බවටයි.
ඒ අනුව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගේ ලිඛිත අනුමැතියකින් තොරව එකලස් කල වාහනයක් බව දැන එය පරිහරණය කිරීමේ චෝදනාවට අදාළව රුපියල් ලක්ෂයක දඩයක් සහ මාසයක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කර එය වසර පහකට අතිහිටුවීමට අධිකරණය නියෝග කළේය.
දඩ මුදල ගෙවීමට අසමත් වුවහොත් මාස 6 ක ලිහිල් වැඩ සහිත සිරදඩුවමක් නියම කළ අධිකරණය, එම සුපිරි මෝටර් රථය රාජසන්තක කිරීමට ද නියෝග කළේය.
කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේ, අංක තහඩුව වංචනික ලෙස සවිකර පරිහරණය කිරීමට අදාළව ජොන්ස්ටන් ප්‍රනාන්දුට රුපියල් විසි පන්දහසක දඩයක් නියම කරන බවයි.
එය නොගෙවුවහොත් මාස තුනක ලිහිල් සිරදඩුවමක් පනවන බවටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ලියාපදිංචි නොකළ වාහනයක් ලග තබා ගැනීමට අදාළ චෝදනාවට නියම වූ දඩය රුපියල් පන්දහසක්.
එය නොගෙවන්නේ නම් මාසයක ලිහිල් වැඩ සහිත සිරදඩුවමක් පැනවීමටද කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
