.webp)

ඒ එම නඩුව අද මහව මහේස්ත්‍රාත් අනුරුද්ධිකා සෙනෙවිරත්න ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදීයි.
ඒ අනුව සැකකරුවන් දෙදෙනා ලබන මස 9 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ, එදිනට පැමිණිල්ල මෙහෙයවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.
කාවන්තිස්ස හස්තියාගේ වෙළෙඳපොළ වටිනාකම සම්බන්ධයෙන් රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා මගින් විධිමත් තක්සේරු වාර්තාවක් ඊළඟ නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට නියෝග කළේය.
