මිදිගමදී STF ජීප් රථයක් දුම්රියේ ගැටෙයි

මිදිගමදී STF ජීප් රථයක් දුම්රියේ ගැටී, 4 දෙනෙකුට තුවාල

by Staff writer 23-11-2026 | 3:39 PM

COLOMBO(News1st) - ජීප් රථයක් දුම්රියක ගැටීමෙන් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 4 දෙනෙකු තුවාල ලබා තිබේ.

අනතුර සිදුව තිබුණේ, වැලිගම, මිදිගම ප්‍රෙද්ශයේ දුම්රිය හරස් මාර්ගයකදීයි.

පොලිසිය පැවසුවේ,, අද උදෑසන 8ට පමණ ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 4 දෙනෙකු රැගත් ජීප් රථය එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

වංගු සහිත මාර්ගයක එම අනාරක්ෂිත හරස් මාර්ගය පිහිටා ඇතැයි ද පොලිසිය සඳහන් කළේය.

දුම්රිය පාලක මැදිරිය පැවසුවේ අනතුර හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සුළු ප්‍රමාදයක් ඇති වූ බවයි.