ඉඟුරුකඩේ අන්තර් හුවමාරු මාර්ග තාවකාලිකව වැසෙයි

ඉඟුරුකඩේ අන්තර් හුවමාරු පිවිසුමේ හා පිටවීමේ මාර්ග දින කිහිපයක් විටින් විට වසා දැමීමට පියවර.

by Staff writer 23-11-2026 | 3:45 PM

COLOMBO(News1st) - අද සිට දෙසැම්බර් පළමු වැනිදා දක්වා ඉඟුරුකඩේ අන්තර් හුවමාරුවේ පිවිසුම් සහ පිටවීමේ මාර්ග වරින්වර තාවකාලිකව වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ, නව කැලණි පාලම සහ වරාය පිවිසුම් ගුවන් අධිවේගී මාර්ගය අතර සම්බන්ධක කොටස ඉදිකිරීමේ කටයුතු වෙනුවෙන්.

ඒ අනුව, අද රාත්‍රී 9 සිට ලබන 25 වැනිදා අළුයම 5 දක්වා මාර්ග කොටස් තාවකාලිකව වසා තැබෙනු ඇති.

යළි නොවැම්බර් 25 වැනිදා සිට 27 වැනිදා දක්වා දෛනිකව, එම මාර්ග කොටස් රාත්‍රී 9 සිට පසුදින අළුයම 5 දක්වා වසා තැබීමට නියමිත වේ.

නොවැම්බර් 28 වැනිදා රාත්‍රී 9ට වසා දැමෙන මාර්ග කොටස් යලි විවෘත වන්නේ දෙසැම්බර් පළමු වැනිදා අළුයම 5ට බව මාර්ග සංවර්ධන අධිකාරිය නිකුත් කල නිවේදනයේ සඳහන්.