.webp)
 (9)-625375-628496.jpg)
COLOMBO (News1st) - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක සඳහන් කළේ, ප්‍රහාරය හේතුවෙන් dmt.gov.lk වෙබ් අඩවිය ඇතුළු වෙබ් අඩවි කිහිපයකට පිවිසීමේ අවහිරතා මතුව ඇති බවයි.
කෙසේවෙතත්, හෙට සිට ආරම්භ වීමට නියමිත නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය මගින් සිදුවන මහජන සේවා සඳහා දිනයක් සහ වේලාවක් වෙන් කරවා ගැනීමේ කටයුතු සඳහා ඉන් කිසිඳු බාධාවක් නොමැති බව, ඔහු සඳහන් කළේ ය.
