තලවතුගොඩ, පොල්වත්තේ ප්‍රදේශයේ ගින්නක්.

තලවතුගොඩ, පොල්වත්තේ ප්‍රදේශයේ අබලි ද්‍රව්‍ය එක්රැස්කරන ස්ථානයක ගින්නක්.

by Staff writer 21-11-2026 | 11:42 AM

COLOMBO(News1st) - තලවතුගොඩ, පොල්වත්ත ප්‍රදේශයේ යකඩ බඩු එකතු කරනු ලබන ස්ථානයක ගින්නක් හටගෙන තිබේ.

කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ, ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථයක් යෙදූ බවයි.

මීට අමතරව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවන රථ 4 ක් හා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ සේවා රථයක් ගින්න මැඩපැවැත්වීමට යොදවා තිබේ.