ශ්‍රී ලංකාව සුපිරි 6 වටය ජයග්‍රහණයකින් අරඹයි

සිම්බාබ්වේට එරෙහි ක්‍රිකට් තරගයේ ජය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට

by Staff writer 20-11-2026 | 8:58 PM

COLOMBO(News1st) - 2026 නේෂන්ස් කුසලාන නැගී එන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති තරගය ශ්‍රී ලංකාව කඩුලු 9කින් අද ජය ගත්තේය.

තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ තරග ආරම්භ වුණේ අද දිනයේදීයි.

එක්සත් අරාබි එමිර්හි අල් අජ්මාන්හිදි පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 68ක්.

කවීෂා දිල්හාරි ලකුණු 8ට කඩුලු 3යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හසිනි පෙරේරා ලකුණු 22ක් රැස් කළේය.

විශ්මි ගුණරත්න නොදැවී ලකුණු 39යි.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 11යි පන්දු 3කදී කඩුල්ලක් පමණක් දැවී නියමිත ඉලක්කය පසු කළේය.